පිම්මකට සූදානම්

පිම්මකට සූදානම්

රාජ්‍ය සේවය අදූෂිත සහ ශක්තිමත් කිරීම වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ප්‍රමුඛත්වය ලබා දි තිබෙන අතර එහි තවත් පියවරක් අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කර ඇත.

අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ රාජ්‍ය සේවයේ පුරප්පාඩු සඳහා 15,073ක් අලුතින් බඳවා ගැනීමට අනුමැතිය ලබා දී ඇති බවයි.

රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ පළමු පියවර ලෙස ආණ්ඩුවේ මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප විශාල වශයෙන් ඉහළ දමනු ලැබීය. වැටුප් ඉහළ දැමීම පිළිබඳව වෘත්තිය සමිති සටනක් පවා නොතිබූ අවස්ථාවකදී එම පියවර ගැනීම විශේෂත්වයකි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්