මරික්කාර් සජිත්ගේ පතුරු ගලවයි

මරික්කාර් සජිත්ගේ පතුරු ගලවයි

සමගි ජන බලවේගයේ නිල මාධ්‍ය හමුවක් පැවැත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් එම පක්ෂය අභ්‍යන්තරයේ පවතින බිඳ වැටීම් සියල්ල හෙළි කර තිබේ.

ඔහු අවධාරණය කර ඇත්තේ කොළඹ මහ නගර සභාවේ සභිකයින් 117 දෙනෙකු අතරින් සමගි ජන බලවේගයට ලැබී ඇත්තේ 29 දෙනෙකු පමණක් බව ය. ඒ තත්වය උදා වූයේ කොළඹ නගර සීමාව තුළ තමන්ට දේශපාලන ක්‍රියාකාරීත්වය අහිමි කිරීම නිසා බව ද ඔහු අවධාරණය කර ඇත.

මුජිබර් රහුමාන් සජිත් පිලේ මන්ත්‍රීවරයා මෙන් ම, එස්. එම්. මරික්කාර් ද මේ වනවිට බරපතළ ගැටීමක සිටින අතර මරික්කාර් එම ගැටීම යොදා ගනිමින් සජිත් පිලට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් සිටී.

පක්ෂයේ විනය පවත්වා ගැනීමට නොහැකි මට්ටමට බිඳී විසිරී තිබෙන සජිත් ප්‍රේමදාස මේ වනවිට දේශපාලන අනාතභාවයකට පත් වී ඇතැයි දේශපාලන විචාරකයින් පෙන්වා දී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්