රුපියල් කෝටි 07කට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂවරියක ලබන මස 08දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් තිළිණ මහේෂ් පීරිස් අද (29) නියෝග කර තිබේ.
ඒ, සබරගමු පළාත් සභා අරමුදල්වලින් ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවට ලබාදුන් රුපියල් හත්කෝටි දාසය ලක්‍ෂ හතළිස් පන් දහස් දෙසිය විසි හයක (රු. 71,645,226) මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්‍ධයෙනි.
මෙසේ රක්‍ෂිතභාරයට පත්කෙරුණේ සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග, ග‍්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක සහ ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයකු ලෙස කටයුතු කර විශ‍්‍රාම ලබා ඇති දේවප‍්‍රිය විජයරාජ සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිටපු සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂවරියක වු කුසුම්ලතා කුමානායක යන දෙදෙනායි.
එකි මුදල් වංචාව සම්බන්‍ධයෙන් මේ වනවිට ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු ලේකම්වරයකු, ලිපකරුවකු සහ තාක්‍ෂණ නිලධාරියකු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.










