චීනයේ, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ දේශපාලන පක්ෂ හමුවට ජවිපෙත් එක්වෙයි

චීනයේ, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ දේශපාලන පක්ෂ හමුවට ජවිපෙත් එක්වෙයි

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ දේශපාලන පක්ෂ හමුවක් පසුගිය අප්‍රේල් 23 සහ 24 දෙදින තුළ චීනයේ, ෂිංජියෑන් ස්වයං පාලිත ප්‍රදේශයේ, උරුම්චි නගරයේදි පැවැත්විණි. මේ සඳහා චීනය, රුසියාව, ඉන්දියාව, පකිස්තානය, නේපාලය, තුර්කිය, ඉරානය, කටාර්, ආර්මේනියාව ආදී රටවල් ගණනාවක් නියෝජනය කරමින් දේශපාලන පක්ෂ නියෝජිතයන් සම්බන්ධ වී තිබූ අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්කම් ඉල්යාස් සහභාගී වී තිබේ.

තාක්ෂණය, කෘතීම බුද්ධිය, ඩිජිටල්කරණය ඇසුරින් චීනය නව යුගයේ ලබාගෙන ඇති ජයග්‍රහණ පිළිබඳවත්, ඒ වෙනුවෙන් චීන කොමියුනිස්ට් පක්ෂය සිදුකරන මගපෙන්වීම පිළිබඳවත් දේශන සහ සාකච්ඡා සභා කිහිපයක් ඉහත වැඩසටහනට සමගාමීව ලොවපුරා දේශපාලන පක්ෂ සහ විවිධ සංවිධාන ගණනාවක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් අප්‍රේල් 21 සහ 22 දෙදින චොංග්චිං හිදී පවත්වා තිබිණි.

එමෙන්ම මේ සමගම සංවිධානය කර තිබූ චොංග්චිං, උරුම්චි, කූචා නගරවල කෘතීම බුද්ධිය සහ නවීන තාක්ෂණය සමග නිපදවන වාහන කර්මාන්තශාලා, එරට දේශීය ඖෂධ නිෂ්පාදනාගාර, කැළිකසල මගින් විදුලිය නිපදවන බලාගාර, නවීන තාක්ෂණය සහ ඩිජිටල්කරණය මුසුකල ගොවි බිම්, පුනර්ජනනීය හයිඩ්‍රජන් විදුලි බලාගාර සහ විවිධ කර්මාන්ත ශාලා නිරීක්ෂණ චාරීකාවකටද ඔවුන් එක් වී ඇත.

ඉතිහාසයේ චීනය තුළ ජාතිවාදී ගැටුම්, ත්‍රස්ත සංවිධාන ක්‍රියාකාරීත්වයන් වැඩි වශයෙන් සිදුවූ, සුලු ජාතිකත්වයන් බොහොමයක් වාසය කරන ෂිං ජියෑන් ස්වයං පාලිත ප්‍රදේශයේ එම තත්වයන් පරාජය කළ ආකාරය පිළිබඳවත්, සංස්කෘතික විවිධත්වයන් අගයමින්, සහයෝගිතාවය සහ සහජීවනය වර්ධනය කළ ආකාරය පිළිබඳවත් අධ්‍යනය කිරීම සඳහා ග්‍රාමීය ප්‍රදේශ සහ සංස්කෘතික මධ්‍යස්ථාන ආශ්‍රිත නිරීක්ෂණ චාරිකාද ඉහත වැඩසටහන්වලට සමගාමීව චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කර තිබී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්