අද (18) දහවල් සිට ආරම්භ වන ශ්‍රී දන්ත දාතූන් වහන්සේ වන්දනා කිරීම සඳහා රට පුරා දැඩි උද්යෝගයක් පවතින බව වාර්තා වේ.
මහා සංඝරත්නය, ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය, කැබිනට් ඇමතිවරු සහ මෙරට සිටින විදේශ තානාපතිවරු සහ වෙනත් ආගමික පූජකතුමන්ලාගේ සහභාගීත්වයෙන් ආරම්භක පූජෝපහාර පැවැත්වේ.
ලබන 27 වෙනි දින දක්වා මෙම දළදා වන්දනාව පැවැත්වෙන අතර, විශේෂිත ප්‍රභූ පුද්ගලයින් සඳහා VIP පහසුකම් මෙවර සලසා නොතිබීම විශේෂත්වයකි. මේ වනවිට දින දෙකකට ආසන්න කාලයක් දස දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසක් මුල් දිනයේ වන්දනා කටයුතු කර ගැනීමට පෙළ ගැසී සිටිති.
සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතුන්ගේ පහසුව වෙනුවෙන් නම වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. එම වෙබ් අඩවියට මෙතනින් පිවිසෙන්න.
https://daladadekma.police.lk/
63









