සුමුදු සයනේ මොකද වුණේ?

සුමුදු සයනේ මොකද වුණේ?

මෙරට සාහිත්‍ය කලාව සම්බන්ධයෙන් ප්‍රබල විචාරාත්මක මැදිහත්වීමක් කළ මහාචාර්ය සුචරිත ගම්ලත් බීබීසී සංදේශය සිංහල සේවයට ඉදිරිපත් කළ ගී මිණි ආර රස වින්දනාත්මක වැඩ සටහන කොටස් වශයෙන් යූටියුබ් අවකාශයට මුදා හරිමින් තිබේ.

හංස විලක් චිත්‍රපටයට ධර්මසේන පතිරාජ පද රචනය කර, ප්‍රේමසිරි කේමදාස සංගීතවත් කළ “හෙමින් සැරේ පියා විදා” ගිතය පිළිබඳව මහාචාර්ය සුචරිත ගම්ලත් සැපයූ රස වින්දනාත්මක විචාරය සහ පසු කාලයක ටී. එම්. ජයරත්න සහ උමාරියා සිංහවංස ගායනා කළ එම ගීතය පහත දැක්වේ.

ධර්මසිරි බණ්ඩාරනායක හංස විලක් චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර, ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවලට වික්ටෝරියානු නීතිය හරස් වන ආකාරය ඉතා මැනවින් නිරූපණය කළ සිනමා කෘතියකි.

Facebook
Twitter
LinkedIn