අදත් රතු බස් වැඩ… කෝච්චිත් වැඩ…

අදත් රතු බස් වැඩ… කෝච්චිත් වැඩ…

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් දුම්රිය සහ ලංගම බස් රථ සේවා යෙදවීමට පියවර ගෙන ඇත.

මගී අවශ්‍යතා අනුව අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන එච්.ආර්.ටී චන්ද්‍රසිරි පවසයි.

මේ අතර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවද අදත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරයි.

ඒ යටතේ බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වේ.

Facebook
Twitter
LinkedIn