කෙහෙළියගේ පාරේ ගිය රේගු ලොක්කෙකුට වැඩ වරදී

කෙහෙළියගේ පාරේ ගිය රේගු ලොක්කෙකුට වැඩ වරදී

කෙහෙළිය රඹුක්වැල්ල ව්‍යාජ ඖෂධ ජාවාරමේ යෙදුණු ආකාරයට ම, මිනිස් පරිභෝජනයට නුසුදුසු පාම් තෙල් තොගයක් මුදා හැරීමට කටයුතු කළ හිටපු රේගු අධිකාරිවරයෙකුට එරෙහිව රුපියල් කෝටි 2කට අධික දඩ මුදලක් නියම කර තිබේ.

රේගුවේ මධ්‍යම විමර්ශන ඒකකය විසින් අදාළ පැමිණිල්ල මෙහෙයවා ඇති අතර, හිටපු රේගු අධිකාරිවරයා සිදු කළ ජාවාරම සම්බන්ධයෙන් චෝදනා සියල්ල තහවුරු කර තිබේ.

රේගු ඉතිහාසයේ දූෂිතම ආකාරයෙන් කටයුතු කළ පුද්ගලයින් රැසක් සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් සිදු කරමින් පවතින බව වාර්තා වේ. ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධිකාරි ඩී. කේ. ඩී. ජයවීර සමඟ එක් වී ජාවාරම සිදු කළ එස්. අමරසිංහ සහ එස්. කමල් කුමාර යන දෙදෙනාට ද දඬුවම් නියම කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්