වසර 47කට පසුව පලාලි හා ට්‍රිචී අතර ගුවන් ගමන්

වසර 47කට පසුව පලාලි හා ට්‍රිචී අතර ගුවන් ගමන්

වසර 47කට පසුව යාපනය හා ට්‍රිචී ගුවන් තොටුපල අතර ගුවන් ගමන් අරඹමින් මුල්ම මගී ගුවන් යානය පසුගිය 30දා යාපනයේ පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ළඟා විය.

එලෙස පැමිණියේ IndiGo ගුවන් සේවය තිරුචිරප්පල්ලි සහ යාපනය අතර දෛනික සෘජු ගුවන් ගමන් හඳුන්වා දෙමිණි.

මෙම ගුවන් යානයෙන් මගීන් 27ක් ට්‍රිචී සිට පැමිණි අතර, ආපසු එම ගුවන් යානය පිටව යද්දී යාපනයෙන් මගීන් 36ක් ට්‍රිචී ගුවන් තොටුපල වෙත රැගෙන‍ ගොස් තිබේ.

මෙම ගුවන් සේවාව හරහා පස්වරු 1:25ට තිරුචිරප්පල්ලි සිට පිටත්වන ගුවන් ගමන පස්වරු 2:25ට යාපනයට පැමිණෙන බවත්, යාපනයේ සිට පස්වරු 3:05ට පිටත්වන ගුවන් ගමන පස්වරු 4:05ට තිරුචිරප්පල්ලි වෙත පැමිණෙන බවයි සඳහන් වේ.

‍මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

Facebook
Twitter
LinkedIn