මියන්මාරයට යැවීමට වෛද්‍ය කණ්ඩායමකුත් සූදානම් – සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස

මියන්මාරයට යැවීමට වෛද්‍ය කණ්ඩායමකුත් සූදානම් – සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස

මියන්මාරයේ සිදුවූ භූ කම්නයෙන් පසු එරට ආපදාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා මියන්මාරයට යැවීමට වෛද්‍ය කණ්ඩායමක් සුදානම් කර ඇති බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් මියන්මාර තානාපති කාර්යාලය දැනුවත් කර ඇති බවත් එම තානාපති කාර්යාලයෙන් ප්‍රතිචාරයක් ලද වහාම ඔවුන් පිටත් කර යැවීමට කටයුතු කරන බවත් සෞඛ්‍ය ඇමති වැඩිදුරටත් සඳහන් කරයි.

සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස තවදුරටත් ප්‍රකාශ කරන්නේ අවශ්‍යතාවය මත එරටින් දැනුම් දීම් කරන බව දැනුම්දී ඇති බවය.

Facebook
Twitter
LinkedIn