රුපියල් තිස් හතර ලක්ෂ අසූ දහසක් (3,480,000) වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගියෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇතිල්වැව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
මොහු අද (26) දින අලුයම 03.45ට සාජා නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ G-9502 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවද, ඔහු රැගෙන පැමිණි ගමන් මලු දෙක තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 23,200ක් අඩංගු දුම්වැටි කාටූන් 116ක් සඟවා තිබුණු බවද සඳහන්.
එම ගුවන් මගියා සහ දුම්වැටි තොගය අද (26) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.
74










