අනුරාධපුර ළමා නිවාසයක 17 හැවිරිදි දැරියක මෙහකාර සේවයේ යොදවා ගැනිම හා කෘරත්වයට පත්කිරිමේ චෝදනාවට වත්මන් රාජාංගණය ප්‍රාදේශිය ලේකම් හා පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරිනිය අනුරාධපුර පොලිසිය විසින් අද (27) අත්අඩංගුවට ගෙන තිබේ.
වත්මන් රාජාංගණය ප්‍රාදේශිය ලේකම් එකළ කටයුතු කර ඇත්තේ උතුරු මැද පළාත් හිටපු පරිවාස කොමසාරිස් ලෙසය.
අදාළ චෝදනාව ඔවුන්ට එල්ල වී ඇත්තේ, පසුගිය 2022 වසරේදිය.
මේ සම්බන්ධයෙන් මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ අද අනුරාධපුර මුලස්ථාන පොලිසියට කැදවා ප්‍රකාශ ලබා ගැනිමෙන් අනතුරුවය.
නීතිපති විසින් ලබාදි තිබු උපදෙස් පරිදි ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබු මෙම දෙදෙනා අද අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.
4,641










