ජනපති සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්

ජනපති සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර හමුවක්

අද (27) ජනාධිපති කාර්යාලයේදී මෙරට වත්මන් ආරක්ෂක තත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් අතර වත්වා තිබේ.

රටේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු වූ අතර ශක්තිමත් ගුවන් හමුදාවක් ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව වැඩි දියුණු කිරීම සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ සහ ශ්‍රි ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාවේ සහාය ලබා දීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

මෙවර අයවැයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් වෙන් කර තිබෙන ප්‍රතිපාදන ප්‍රමාණය මෙන්ම ගුවන් හමුදාවේ දැනට තිබෙන අවශ්‍යතා පිළිබඳවත් මෙහිදී අවධානයට ලක් කර තිබේ.

ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ගුවන් හමුදාවේ ඉහළ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn