සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට අදාළව මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය කියයි.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් නිලධාරියා මීගමුව පොලිස් ස්ථානයට අනුයුක්ත අපරාධ අංශයේ උසාවි රාජකාරී කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු බවද සඳහන් වේ.
වයස අවුරුදු 25ක් වන ඔහු පාදෙණිනය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසියය කියයි.
මෙලෙස ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයන ඉෂාරා සිව්වන්දි වීරසිංහ නමැත්තිය සමග දුරකථනය ඔස්සේ මෙම සැකකාර කොස්තාපල් කතාබහක යෙදී ඇති බවට විමර්ශන නිලධාරීන් වෙත කරුණු අනාවරණය වීමෙන් අනතුරුවය.
533









