සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක එම පක්ෂයෙන් ඉවත්ව යාමට සූදානම් වන බව අභ්‍යන්තර තොරතුරුවලින් වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු කිරීම වෙනුවෙන් ඔහු පුරෝගාමීව කටයුතු කළේය. නමුත් එම ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් ඔහු පක්ෂ නායකත්වයට එරෙහිව ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.
එම පක්ෂ දෙක එකතු කිරීමට සමගි ජන බලවේගය වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, හර්ෂන රාජකරුණා සහ තිස්ස අත්තනායක ප්‍රමුඛ පිරිසක් සාකච්ඡා කරනු ලැබීය. එහෙත් පක්ෂ නායකයා වටා සිටින කිහිප දෙනෙකුගේ බලපෑම් මත සාකච්ඡා අසාර්ථක වී ඇතැයි ඔහු දැඩි චෝදනාවක් ද කර ඇති බව මේ වනවිට හෙළිවී ඇත.
895










