ජනපති අනුර දිසානායක සහ අලිබබා සමනිර්මාතෘ, සභාපති ජෝසප් සී. සායි අතර හමුවක්

ජනපති අනුර දිසානායක සහ අලිබබා සමනිර්මාතෘ, සභාපති ජෝසප් සී. සායි අතර හමුවක්

එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුව අතරතුර පසුගිය 12 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක අලිබබා සමූහ ව්‍යාපාරයේ සමනිර්මාතෘ මෙන්ම එහි සභාපති ජෝසප් සී. සායි (Joseph C. Tsai) හමුවී තිබේ.

ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා අලිබබා සමූහ ව්‍යාපාරයේ සහාය ලබාදීමට සූදනම් බව ජෝසප් ටී. සායි මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සඳහන් කර ඇත.

ඩිජිටල්කරණය හා කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධයෙන් අලිබබා ආයතනයට මනා පරිචයක් පවතින බවත් එම දැනුම ශ්‍රී ලංකාව සමඟ බෙදා ගැනීමට තමන් සූදානම් බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මෙහිදී අදහස් දැක්වා ඇති ජනාධිපති අනුර කුමාර දිසානායක, ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා වෙන් වූ ඩිජිටල් අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඇති බවත් පෙන්වා දී ඇත.

ඩිජිටල් ගෙවීම් වේදිකාවක් ඇති කිරීමටත් මානව සම්පත ඩිජිටල්කරණය සඳහා සූදානම් කිරීමටත් වත්මන් රජය කඩිනමින් කටයුතු කරගෙන යන බවද එහිදී ජනාධිපති සඳහන් කර තිබේ.

අලිබබා සමූහ ව්‍යාපාරයේ කටයුතු ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීම පිළිබඳවත් ශ්‍රී ලංකාව ගෝලීය සැපයුම් ජාලයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම තුළින් ආර්ථිකයේ සීඝ්‍ර දියුණුවක් ඇති කිරීමට ඇති හැකියාව පිළිබඳවත් මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලකිකෙරී ඇත.

විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක ඇමති විජිත හේරත් සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ්ද මෙම සාකච්ඡාවට එක් වී තිබේ.

Facebook
Twitter
LinkedIn