මේ වනවිට එක්සත් අරාබියේ එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයකට අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (10) පස්වරුවේ ඩුබායිහි ජුමෙයිරා බීච් හෝටලයේදී මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි මහතා හමු වී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.
274









