පසුගිය වසරේ නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තතත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කර වන්දි ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබේ.
ඒ අනුව, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 6,239ක් වෙනුවෙන් රුපියල් මිලියන 114ක මුදලක් නිදහස් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංආරච්චි සඳහන් කරයි.
එසේම වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලින් මණ්ඩලය වෙත ලැබුණු නිර්දේශිත වගා හානි අයදුම්පත්වලට අදාළ මුදල් ඔවුන්ගේ ගිණුම් වෙත බැර කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවද ඔහු සඳහන් කරයි.
මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් වී, අමු මිරිස් හා අර්තාපල් යන වගාවන්ට සිදු වූ හානියට අදාළ වන්දි මුදල් තක්සේරු කිරීමේ කටයුතු ද මේ වනවිට ආරම්භ කර ඇති බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කරයි.










