පෙබරවාරි 1 වන දින සිට චීනයෙන් ඇමරිකාවට ආනනයනය කරනු ලබන භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් පනවන ලද නව තීරුබදු පියවර සම්බන්ධයෙන් ලෝක වෙළඳ සංවිධානයේ (WTO) ආරවුල් විසඳීමේ යාන්ත්රණය වන DSB (ආරවුල් බේරුම්කරණ ආයතනය) යටතේ චීනය එක්සත් ජනපදයට එරෙහිව සාකච්ඡාවක් ඉල්ලා තිබෙන බව වාර්තා වේ. චීනයෙන් ආනයනය කරන නිෂ්පාදන සඳහා අතිරේක 10% කින් තීරුබදු වැඩි කිරීමට ට්රම්ප් පරිපාලනය ගත් තීරණයට ප්රතිචාර වශයෙන් චීනය ගනු ලැබූ පියවරවල කොටසක් ලෙස මෙසේ ලෝක වෙළඳ සංවිධානය වෙත පැමිණිල්ලක් යොමු කිරීම සිදු වී තිබේ.
මේ වන විට ඇමරිකාවේ ට්රම්ප් පාලනය විසින් කැනඩාව, පැනමාව, මෙක්ෂිකෝව, යුරෝපා සංගමය හා ඩෙන්මාර්කය, දකුණු අප්රිකාව දක්වා තම බලපෑම් සිදු කරමින් සිටි.
චීනය ලෝක වෙළඳ සංවිධානයට සාමාජිකයෙක් ලෙස ඇතුළු වනුයේ 2001 වසරේ දෙසැම්බර් මස 11 වන දින වන අතර අද වන විට වසර 20ක් තුලදී ඔවුන් ලෝක ආර්ථික ප්රග්ධනයෙන් ඩොලර් බිලියන 14300 කට හිමිකම් කියමින් ලෝකයේ දෙවන ආර්ථික බලවතා බවට පත්වී සිටි. ඇමරිකාවේ එය ඩොලර් බිලියන 21,400ක් ලෙස දැක්වේ. ලෝක වෙළඳ පලේ කර්මාන්ත පොළ ලෙස හැඳින් වෙන චීන නිෂ්පාදන හේතුවෙන් ඇමරිකාවේ කුඩා හා මධ්යම සමාගම් කඩා වැටීමෙන් පමණක් රැකියා මිලියන දෙකක් එක්සත් ජනපදයට අහිමි වී ඇත. මෙම තත්වය හමුවේ ඇමරිකාව විසින් නිතර චීන සමාගම් චීන රජය සමග ඍජුව බැඳී ඇති ව්යාපාර ලෙස දක්වමින් එය ලෝක වෙළඳ සංවිධානයේ නිදහස් වෙළඳාම කොන්දේසිය උල්ලංඝණය කිරීමක් ලෙස සලකා චෝදනා සිදු කරනු ලබයි.
එහෙත් අන්තර් ජාතික මුල්ය අරමුදල ඇතුළු මුල්ය ආයතන චීනය ලෝක ආර්ථිකය සමබර කරනු ලබන අත්යවශ්ය ශක්තිමත් සාමාජිකයෙකු ලෙස මේ වන විටත් පිළිගෙන ඇත.
ලෝක වෙළඳ සංවිධානය පෙනී සිටින්නේ අවම බදු ප්රතිපත්තියක් යටතේ හෝ නැතිව තම සාමාජිකයින් අතර නිදහස් වෙළඳ ගිවිසුම් පවත්වා ගෙන යාම වන අතර එහිදී සාමාජික රටවල් අතර මේ සම්බන්ධයෙන් ඇතිවන ගැටළු වලදී මැදිහත් වීම හා ඒ සඳහා විසඳුම් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ අධිකරණ පද්ධතියට පැමිණිලි කිරීම සඳහා විපතට පත්වන පාර්ශ්වයන්ට පහසුකම් සැලසීමට ද ඉදිරිපත් වේ. ඒ නිසා චීන ආනයන භාණ්ඩ සඳහා එක්සත් ජනපදය විසින් පනවන ලද නව තීරුබදු පියවර සම්බන්ධයෙන් WTO ආරවුල් විසඳීමේ යාන්ත්රණය යටතේ චීනය එක්සත් ජනපදය සමඟ සාකච්ඡා ඉල්ලා ඇත. මෙම ඉල්ලීම පෙබරවාරි 5 වන දින WTO සාමාජිකයින් වෙත චීනය විසින් තම පැමිණිල්ල මගින් කරුණු ඉදිරිපත් කර ඇත.
“ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් සෙනසුරාදා නිල වශයෙන් ප්රකාශයට පත් කරන ලද චීන නිෂ්පාදන සඳහා රේගු බදු 10% කින් ඉහළ නැංවීමෙන් පසුව, චීනය පෙබරවාරි 4 වන අඟහරුවාදා ලෝක වෙළඳ සංවිධානයට (WTO) පැමිණිල්ලක් ගොනු කලා. චීනය, තම නීත්යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා, එක්සත් ජනපද රේගු බදු සම්බන්ධයෙන් ලෝක වෙළඳ සංවිධානයේ ආරවුල් විසඳීමේ යාන්ත්රණයට කරුණු ඉදිරිපත් කරනු ඇත,” යනුවෙන් චීන වාණිජ අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
“චීනයෙන් ආනයනය කරන සියලුම නිෂ්පාදන සඳහා ඇමරිකානු රේගු බදු 10% කින් වැඩි කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් විසින් ප්රකාශයට පත් කරන ලද මෙම ඇමරිකානු බදු ලෝක වෙළඳ සංවිධානයේ නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, එක්සත් ජනපදය හා තමන්ගේම ගැටළු විසඳීමට ආරාධනා කරන අතරම දෙරට අතර සාමාන්ය ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයට බාධා කිරීමට චීනය විසින් කිසිදු බාධාවක් සිදු කරනු නොලබයි. වෙළඳ හා රේගු යුද්ධ මගින් කිසිවෙකු ජයග්රහණ නොකරන බව අප කවුරුත් තේරුම් ගත යුතුයි” යනුවෙන් චීන වෙළඳ අමාත්යාංශය තම නිවේදනයෙන් තවදුරටත් අවධාරනය කළේය.
මේ සම්බන්ධයෙන් විස්තරාත්මක WTO සංවිධානය විසින් නිකුත් කල මාධ්ය නිවේදනයකට අනුව, අගතියට පත් පාර්ශ්වය ලෙස චීනය කියා සිටින්නේ “චීන සම්භවයක් ඇති සියලුම භාණ්ඩ සඳහා යොදන අතිරේක 10% සහිත තීරුබදු මෙන්ම චීන සම්භවයක් ඇති සියලුම නිෂ්පාදන සඳහා අදාළ වන ලෙස තීරුබදු අයකිරීම සහ අවම තීරුබදු ක්රමයක් හෝ යෝජනා සිදු නොකර ප්රතිලාභ ලබා ගැනීම 1994 තීරුබදු සහ වෙළඳාම පිළිබඳ පොදු ගිවිසුමේ (GATT) 1 වන වගන්තිය හා 1994 GATT හි II:1(a) වගන්තිය යටතේ එහි තීරුබදු බැඳීම් සම්බන්ධයෙන් වන කොන්දේසි සමඟ නොගැලපෙනවා පමණක් නොව එය උල්ලංඝණය කිරීමක් ද සිදු වී ඇති බවයි.
මෙම ක්රියාව තරමක් සංකේතාත්මක තත්වයක් බව ආර්ථික විශේෂඥයන් මේ අතර පෙන්වා දේ. එක්සත් ජනපදය බොහෝ කලක සිට ලෝක වෙළඳ WTO සංවිධානයට සහාය දීම නවතා දමා ඇත. වසර ගණනාවක් තිස්සේ ඉල්ලා සිටි ප්රතිසංස්කරණ සිදු නොවූ තත්වයක් තුල ද්විපාර්ශ්වික වෙළඳ ආරවුල් විසඳීම සඳහා එහි ආරවුල් විසඳීමේ ආයතනය (DSB) වෙත යොමු වුවද. ඔබාමාගේ දෙවන ධූර කාලයෙන් පසුව වොෂින්ටනය එහි අභියාචනා මණ්ඩලයේ විනිසුරුවන් අලුත් කිරීම අවහිර කර ඇති අතර, එය දැන් අක්රියව පවති. එමඟින් DSB (ආරවුල් බේරුම්කරණ ආයතනය) හි තීරණවල විෂය පථය මේ වන විට පවතින්නේ යම් සීමාවක් සහිත තත්වයක් තුලය. ඒ අනුව ඩොනල්ඩ් ට්රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ දී ලෝක වෙළඳ සංවිධානයේ එක් වැදගත් කොන්දේසියක් වන බහුපාර්ශ්විකත්වයෙන් (multilatéralism) වෙන්වීම ද සිදු විය හැකි බව අවධාරණය කළ යුතුව ඇත.
නමුත් චීනයට මෙම අධිකරණ ක්රියාදාමය වැදගත් වනුයේ එය ඇමරිකානු පියවරයන්ට අභියෝග කරන අතරම, බහුපාර්ශ්විකත්වයට සහ ජාත්යන්තර නීති රීතිවලට ගරු කිරීමට ඇති කැපවීම එමගින් ඔවුන්ට සෙසු ලෝකයට තහවුරු කිරීමේ හැකියාවක් ඇති කර ගැනීමය. WTO සංවිධානය තුළ ආරවුල් විසඳීමේ ක්රියා පටිපාටියේ විධිමත් ආරම්භක ලක්ෂ්යය වන්නේ මෙම උපදේශන ඉල්ලීමයි.
“උපදේශන මගින් පාර්ශවයන්ට කාරණය පරීක්ෂා කර සතුටුදායක විසඳුමක් සොයා ගැනීමට අවස්ථාවක් එමගින් ලබා දෙයි,” යනුවෙන් WTO සිය මාධ්ය නිවේදනයේ යලි සිහිපත් කරයි.
යම් විදිහකින් දින 60 කට පසු, මෙය අසාර්ථක වුවහොත්, පැමිණිලිකරුට ලෝක වෙළඳ සංවිධානයේ විශේෂ කණ්ඩායමක විනිශ්චය ක්රියාවලියට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිය හැකිය.
ඩොනල්ඩ් ට්රම්ප් විසින් ආරම්භ කරන ලද වෙළඳ ගැටුමේදී තම ස්ථාවරය උත්සන්න කරමින්, චීනය එක්සත් ජනපද ගල් අඟුරු සහ ද්රව ස්වාභාවික ගෑස් (LNG) ආනයනය සඳහා 15% ක තීරුබදු පනවන බව ද නිවේදනය කළේය. මීට අමතරව, ඇමරිකානු තෙල් සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් පැමිණෙන අනෙකුත් භාණ්ඩ කාණ්ඩ වන කෘෂිකාර්මික යන්ත්රෝපකරණ, අධි බලැති ක්රීඩා වාහන සහ පිකප් ට්රක් රථ ආනයනය සඳහා 10% ක රේගු බදු පනවනු ලබන බව චීන මුදල් අමාත්යාංශය වැඩිදුරටත් පැවසීය.
නව ගාස්තු පෙබරවාරි 10 වන දින සිට ක්රියාත්මක වීමට නියමිත බව ඔහු පැවසීය. එසේම චීන ජනාධිපති ෂී ජින් පිං සහ ට්රම්ප් අතර හදිසි සාකච්ඡාවක් පැවැත්වීමට ඉඩ තිබෙන බව ද ධවල මන්දිර ප්රකාශිකා කැරොලයින් ලෙවිට් විසින් නිවේදනය කරන ලද නිවේදනයක දැක්වේ.
කෙසේ වෙතත් ඩොනල්ඩ් ට්රම්ප් විසින් අවුලුවන ලද වෙළඳ ගැටුම් ගෝලීයකරණයේ හැරවුම් ලක්ෂ්යයක් සනිටුහන් කරමින් සිටි.
මේ අතර, බීජිං පාලනය අඟහරුවාදා නිවේදනය කළේ ඇමරිකානු තාක්ෂණ දැවැන්තයා වන ගූගල් සමාගම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කරන බවයි. ගූගල් සමාගම එහි ඒකාධිකාරී විරෝධී රෙගුලාසි මගින් ලෝක වෙළඳ සංවිධානයේ රීතීන් උල්ලංඝනය කර ඇති බවට සැක කරන බව එහි සඳහන් විය. මේ හා සමගාමිව යුරෝපා සංවිධානය විසින් ද චීනයේ 5G තාක්ෂනය හා බුද්ධිමය දේපල ඇතුළු නව තාක්ෂණය විසින් යුරෝපා සංගම් සමාගම් වලට බලපෑම් සිදුකර ඇති බවට චෝදනා කරමින් ලෝක වෙළඳ සංවිධානයේ ජනවාරි 20 වැනිදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණු අතර මිට අමතරව චීන විදුලි මෝටර් රථ, බ්රැන්ඩි ආනයනයන්ට එරෙහිවද යුරෝපා සංගමය මැසිවිලි නගන බව වාර්තා වේ.
කැනඩාව, මෙක්සිකෝව සහ චීනය මත දැවැන්ත රේගු බදු ප්රකාශයට පත් කිරීමෙන්, ඩොනල්ඩ් ට්රම්ප් විශේෂයෙන් ප්රකාශ කර තිබුණේ එක්සත් ජනපදයේ බරපතල සෞඛ්ය අර්බුදයකට වගකිව යුතු “ඔපියොයිඩ් ෆෙන්ටැනයිල්” ජාවාරම අඩු කිරීම සඳහා මෙම රටවල් තුනට බලපෑම් කිරීමට තමාට අවශ්ය බවයි. නමුත් චීනය මෙම චෝදනා ප්රතික්ෂේප කරයි. මේ හා සමානව ඇමරිකාව විසින් තමන් මරා දැමීමට ඔත්තු කරුවන් එවා ඇතැයි පවසමින් ඉරානයට එරෙහිව නව සම්බාධක පැමිණ වූයේ ඉරානයට ලෝක වෙළඳ පලට තෙල් හා ගෑස් ආනනයනය සිදු කිරීම තවදුරටත් අවහිර කරමිනි. එසේම පැනමාවට බලපෑම් කරමින් එරට චීනයේ සේද මාවත් ව්යාපෘතියෙන් ඉවත් කර ගැනීමට පෙබරවාරි 7 වනදා ඇමරිකානු රජය ලේකම් Marco Rubio යවා ඉටුකර ගැනීමට සමත් වනුයේ චීනය තව තවත් කෝපයට පත් කරමිනි.










