ශ්රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.
ඒ අතර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරු සහ නියෝජ්ය පොලිස්පතිවරු සිටිති.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි මෙම මාරුවීම් එළඹෙන 12 වනදා සිට ක්රියාත්මක කිරීමට නියමිතය.
මෙම මාරුකිරීම් අතර පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ලෙස කටයුතු කළ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරද සිටින අතර පොලිස් ස්ථානාධිපතිවරුන් කිහිපදෙනෙකුටද ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව වාර්තා වේ.
එහිදී ලබාදෙන මාරුවීම්වලට අදාළව පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් සාමාන්ය රාජකාරී සඳහා යොමුවිය යුතු බවටද තීරණය කර ඇතැයි වාර්තා වේ.
ස්ථාන මාරුවීම් ලබාදී ඇති නාමලේඛනය පහතින් දැක්වෙයි.

Views: 0










