මේ වනවිට සහල් සම්බන්ධව වැටලීම් 2000කට අධික ප්රමාණයක් සිදුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කරයි.
එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පැවසුවේ මේ වනවිට වැඩිමිලට සහල් අලෙවි කරන්නන් සොයා සති අන්තයේදී මෙන්ම රාත්රී කාලයේදීද වැටලීම් ක්රියාත්මක කරන බවය.
ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් විසින් අද (08) දිනයේදී කොළඹ පිටකොටුව ප්රදේශයේ වැටලීම් කිහිපයක් සිදුකර ඇති අතර එහිදී සහල් වැඩිමිලට අලෙවි කරන වෙළෙඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් රැසක්ද දියත් කර තිබිණි.
මෙහිදී සහල් තොග අලෙවිසැල් පාරිභෝගික නිලධාරීන්ගේ උපාය දූතයන් ලවා පරීක්ෂා කර ඇති අතර එහිදී වැඩි මිලට සහල් විකුණන වෙළෙඳසැල් හිමිකරුවන්ට නීතිය තදින්ම ක්රියාත්මක කිරීමටද පියවර ගෙන ඇත.
එහිදි පාලන මිල ඉක්මවූ මෙන්ම මිල ප්රදර්ශනය නොකිරීමට යටතේද නඩු පැවරීමට එම අධිකාරිය පියවර ගෙන තිබේ.
සහල් වැඩිමිලට අලෙවි කිරීම සම්බන්ධව අධිකරණයේ වරදකරුවෙකු වූ විට තනි පුද්ගල ව්යාපාරයක් නම් රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 05 දක්වාත් සමාගමක් නම් රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 50 දක්වා දඩ නියම කිරීමටත් හැකි බව පාරිභෝගික අධිකාරිය පවසයි.










