BIMSTEC මහලේකම්, තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ, අගමැති හිරිනි අමරසූරිය හමුවෙයි

BIMSTEC මහලේකම්, තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ, අගමැති හිරිනි අමරසූරිය හමුවෙයි

BIMSTEC සංවිධානයේ මහලේකම් සහ තානාපති ඉන්ද්‍රා මනි පාණ්ඩේ (Indra Mani Pandey) පෙබරවාරි 06 වැනි දින අගමැති කාර්යාලයේදී අගමැති ආචාර්ය හරිනි අමරසූරිය හමු වී ඇත.

BIMSTEC තුළ කලාපීය සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇති සෞඛ්‍ය සේවාවන්, මානව සම්පත් සංවර්ධනය සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කර ඇත.

BIMSTEC සාමාජික රටවල් අතර ආර්ථික හා සමාජීය සංවර්ධනය ඇති කිරීම සඳහා මෙම අංශ ශක්තිමත් කිරීමේ වැදගත්කම ඉන්ද්‍රා මනි පාණ්ඩේ විසින් පෙන්වා දී තිබේ.

තායිලන්තයේ පැවැත්වීමට නියමිත 06 වැනි BIMSTEC රාජ්‍ය නායක සමුළුව පිළිබඳවද මෙහිදී අවධානය යොමු කර ඇත.

මෙම හමුවට BIMSTEC සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ Dr. A. Saj U. Mendis, අගමැති කාර්යාලය වෙනුවෙන් අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රාර්ථනා කෞෂලියා යන අය එක්ව සිට බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn