මෙටා සමාගමේ සේවකයින් 3,600ක් සේවයෙන් ඉවත් කිරීමට එහි හිමිකරු මාර්ක් සකර්බර්ග් තීරණය කර තිබේ.
ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හිමිකාරීත්වය දරණ සමාගමක් වන මෙටා සමාගමේ අඩු කාර්ය සාධනයක් ඇති පිරිස් මෙලෙස ඉවත් කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ වෙතත් මෙලෙස සේවකයින් ඉවත් කිරීමෙන් පසු ඒ වෙනුවට නව පිරිස් බදවා ගැනිමටද මෙටා සමාගම සැලසුම් කර ඇත.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වනවිට මෙටා සමාගමේ සේවකයින් 72,000ක් පමණ සේවයේ යෙදී සිට ඇත.
716










