අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිස්සංක බන්දුල කරුණාරත්න වැරදිකරුවෙකු කරමින් ශ්රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙන තීන්දුව පදනම් කර ගනිමින් නීති ක්ෂේත්රයේ දැඩි ආන්දෝලනයක් සිදුවී තිබේ.
නීති ප්රවීණයන් අවධාරණය කර තිබෙන්නේ ඔහු එම තනතුරෙන් ඉල්ලා අස් නොවන්නේ නම් පාර්ලිමේන්තුවට දෝශාභියෝග යෝජනාවක් ගෙන ආ යුතු බව ය. මේ පිළිබඳ සංවාදය මාසයක පමණ කාලයක් පුරා පැවති අතර අධිකරණ ක්ෂේත්රය තුළමත් ඔහුට විරුද්ධව ප්රබල මතයක් ගොඩ නැගී ඇති බව වාර්තා වේ.
මෙම තත්වය තුළ නුදුරු දිනකදී ඔහු ඉල්ලා අස්වීමට සූදානම්ව සිටින්නේ යැයි ඇතැම් වාර්තාවලින් දැක්වේ. ඉල්ලා අස්වීම බාර නොදෙන්නේ නම් දෝශාභියෝග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවට මතය ප්රබල වෙමින් පවති.
Views: 0










