Facebook, Instagram, WhatsApp සමාජ ජාලා තුල සිදු කරන අසත්ය ප්රචාර මැඩලීම සඳහා( Fact-checking) ක්රමවේදය අහෝසි කිරීමට FB ප්රධානි Mark Zuckerberg විසින් ගත් නවතම තීරණයට එරෙහිව ප්රංශය ඇතුළු යුරෝපා සංගමය හා බ්රසීලය තම විරෝධය පල කර ඇත. “කරුණු පරීක්ෂා කිරීමේ” අවසාන කිරීමේ නවතම තීරණය පැහැදිලි කිරීමට බ්රසීල ජනාධිපති ලූලා මෙටා අධිපති වරයාට දින තුනක් ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් ප්රංශ ජනාධිපති එමානුවෙල් මක්රෝන් පවසන්නේ “ප්රකාශනයේ නිදහස යනු අසත්ය, වෛරී ප්රචාර පැතිරවීමේ වල් බූරු නිදහසක්” නොවිය යුතු බවයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින්ද මෙම තීරණය හෙලා දැක ඇත්තේ සත්යය මරා දැමීම සඳහා ලබා දුන් ලජ්ජා සහගත තීරණයක් ලෙස දක්වමිනි.
කෙසේවෙතත් මෙටා අධිපති Mark Zuckerbergගේ මෙම නව තීරණය ඩොනල්ඩ් ට්රම්ප් හා එලෝන් මස්ක් අගය කර ඇත.
ඇමරිකාවේ තේරී පත් වූ නව ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ පදවි ප්රාප්තිය සිදු වීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර, මෙටා හි ප්රධාන විධායක නිලධාරියා Mark Zuckerberg ෆේස්බුක් සහ ඉන්ස්ටග්රෑම් හි තම සමාගම විසින් මේ දක්වා සිදු කරන ලද අසත්ය පුවත් “වාරණය” ( fact-checking) ගැන කනගාටු වන බවත් ප්රකාශනයේ නිදහස නැවත ස්ථාපිත කරන බවට පොරොන්දු වී ඇත. මේ සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් ස්වරූපයෙන් ඔහු විසින් ප්රචාරය කරන ලද වීඩියෝවක් ප්රකාශයට පත් කිරීමත් සමග ලෝකයම අවධානය ඒ දෙස යොමු වී ඇත. මෙම fact checking ක්රම වේදය FACEBOOK, INSTRAGAM හා WHAT’S UP විසින් පනවනු ලැබුවේ ශ්රී ලංකාවේ හා බුරුමයේ සිදු වූ මුස්ලිම් විරෝධී ප්රචාර ජාලයන්, ලෝකය පුරා නාසි වාදී කල්ලි විසින් ගෙන යනු ලබන LGBT, සංක්රමනික හා සුළු ජාතික විරෝධී ප්රචාරයන් මර්දනය කිරීම සඳහා වේ.
නමුත් මෙටා සමාගමේ මෙම නවතම තීරණය නිසා යුරෝපා සංගමය, බ්රසීලය ඇතුළු විවිධ රටවල් තම විරෝධය Mark Zuckerberg වෙත පල කර ඇත.
ඩොනල්ඩ් ට්රම්ප්ගේ පදවි ප්රාප්තිය සිදු වීමට සති දෙකකටත් අඩු කාලයකට පෙර, අනාගත පරිපාලනයට ඔහුගේ පක්ෂපාතිත්වය පෙන්වීම සඳහා මෙටා විසින් ගනු ලැබූ නවතම මුලපිරීම මෙය බවයි ලෝකයේ ඇතැම් මාධ්ය ආයතන මේ සම්බන්ධයෙන් පවසා සිටින්නේ. ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම් සහ වට්ස්ඇප් හි මව් සමාගම අඟහරුවාදා නිවේදනය කළේ තම කරුණු පරීක්ෂා කිරීමේ වැඩසටහන ඉවත් කර ඒවා X වලට සමාන ‘ප්රජා ශ්රේණිගත කිරීම්’ සමඟ ප්රතිස්ථාපනය කරමින් සිටිමු යන්නයි.
එය පළමුව ඇමරිකා එක්සත් ජනපදයෙන් ආරම්හ කරනු ලබන බව සකර්බර්ග් සමාජ මාධ්ය සටහනක් තබමින් පවසා සිටියේය.
මෙම තීරණයෙන් පසුව, ඩොනල්ඩ් ට්රම්ප් විසින් මාධ්යවේදීන් යනු ප්රකාශනයේ නිදහසේ සතුරන් ලෙස ඉදිරිපත් කරනු ලබන මතවාදය ජයග්රහණය කර ඇති බව ජාත්යන්තර මාධ්යවේදීන් පෙන්වා දේ. මේ දක්වා මෙටා සමග මාධ්ය හවුල්කරුවන් 80 දෙනා අතර සිටින USA Today වැනි මාධ්ය ආයතන, AFP සහ රොයිටර් වැනි මාධ්ය ආයතන සහ Africa Check වැනි රාජ්ය නොවන සංවිධාන එක් වී සිදුකරන ලද අසත්ය පුවත් වාරණය කිරීම ඒ අනුව අවසන් වනු ඇත.
කරුණු පරීක්ෂා කිරීම යනු සැක සහිත ලෙස සලකුණු කරන ලද පුවත් වාරණය කිරීමයි. මන්ද එහි වැරදි තොරතුරු අඩංගු විය හැකි බැවින්, කරුණු වල සත්යතාව තහවුරු කරන ඉහත මාධ්යවේදීන්ට එය සත්යාපනය කිරීමට ඉඩ සලසයි. කොවිඩ් සමයේදී, එන්නත් විවේචනය කිරීමට හෝ මනඃකල්පිත හෝ භයානක ප්රතිකාර නිර්දේශ කිරීමට සමාජ ජාල තුළ බොහෝ අන්තර්ගතයන් සංසරණය විය. මෙටාට අනුව, පසුව ඒවා සලකුණු කර, සත්යාපනය කරන ලද අතර ප්රචාරණය වීම 95% කින් අඩු කළේය.
විශේෂයෙන්ම AI තාක්ෂණය මගින් අසත්ය ප්රචාර පසුගිය කාලයේ ඉහල ගිය අතර පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණ සමයේ කමලා හැරිස් විසින් කරන ලද ප්රකාශයක් එලෝන් මස්ක් විසින් ව්යාජ වීඩියෝවක් ලෙස සකස් කර තිබිණි. මෙම දේශපාලන ප්රකාශ වල වලංගු භාවය සහතික කිරීම සඳහා කරුණු පරීක්ෂා කිරීම අත්යවශ්ය වන අතර මේ ආකාරයේ ව්යාජ ප්රවෘත්ති පැතිරීම නිසා ජාතින් අතර ගැටුම් නිර්මාණය කර එකිනෙකාට එරෙහිව යෙද වීම සම්බන්ධයෙන් බුරුමයේ රොහින්ග්යාවරුන් හා ශ්රී ලංකාවේ මුස්ලිම් විරෝධී ජාතිවාදී ප්රහාර උත්සන්න වූ බව ජාත්යන්තර මාධ්ය සේවාවන් යලි යලිත් පෙන්වා දේ.
නමුත් වර්තමානයේ මෙටා අධිපති මාර්ක් සකර්බර්ග් එය එසේ දකින්නේ නැත, මන්ද ඔහු සෑම අතින්ම ප්රකාශනයේ නිදහස පමණක් පිලි ගන්නා එලොන් මස්ක්ගේ තර්කය වැළඳ ගෙන ඇත. ඔහුට අවශ්ය වන්නේ මෙම (fact-checking) මධ්යස්ථකරණ පාලන මෙවලම අන්තර්ජාල පරිශීලකයින්ගේ ශ්රේණිගත කිරීම් හෝ අදහස් සමඟ ප්රතිස්ථාපනය කිරීමටයි. පසුගිය කාලයේ ට්රම්ප් විසින් සුප්රකට විකිපීඩියාව යනු LGBT ප්රමුඛ අනන්යතා දේශපාලනය ප්රචාර කරන Wokipedia ලෙසද හඳුන්වනු ලැබුවේය.
මේ අතර එල්ලවන මෙම චෝදනා සම්බන්ධයෙන් මෙටා අධිපතිවරයා පවසන්නේ ඔහුගේ නව වැඩසටහන අවම වශයෙන් මුලදී යුරෝපීය සංගමයට අදාළ නොවන බවයි. මාර්ක් සකර්බර්ග් යුරෝපයේ “වාරණය ආයතනිකකරණය කිරීමේ නීති”(DSA) ගැන පසුගිය සතියේ ඉතා දැඩිව විවේචනය කරනු ලැබුවේ ට්රම්ප් ගේ සහය ඉල්ලමිනි. අද ඔහු ඩොනල්ඩ් ට්රම්ප් සතුටු කිරීම සඳහා ඔහුගේ දේශපාලනය ඉලක්ක කරගත් ඇමරිකානු මාතෘකා කෙතරම් ඇතත් ට්රම්ප්ගේ විදේශ සංක්රමණ විරෝධී සහ ස්ත්රී පුරුෂ භාවය වැනි මාතෘකා පිළිබඳ කරුණු ද අතිශෝක්තියෙන් හුවා දැක්වීමට දැඩි කැමැත්තකින් සිටීම කණගාටු සහගත බව ජාත්යන්තර මාධ්යවේදීන් මේ අතර පෙන්වා දේ.
මේ අතර ප්රකාශනයේ නිදහසේ නාමයෙන් මෙම සමාජ ජාල වල ප්රචාරය වන වැරදි අසත්ය තොරතුරු තවදුරටත් නිවැරිදි නොකිරීමට මෙටා සමාගම ගත් නව තීරණය පැහැදිලි කිරීම සඳහා ලූලා, ෆේස්බුක්, ඉන්ස්ටග්රෑම් සහ වට්ස්ඇප් ප්රධානී මාර්ක් සකර්බර්ග්ට දින තුනක කාලයක් ලබා දී ඇත. බ්රසීල ජනාධිපතිවරයා මෙම ගැටලුව සම්බන්ධයෙන් ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් සමඟ ද කතා කළේය.
සමාජ ජාල පිළිබඳ ගැටළුව විසඳීම සඳහා බ්රසීල ජනාධිපති ලූලා ද සිල්වා හදිසි අමාත්ය රැස්වීමක් ජනවාරි 11 වැනිදා කැඳවීය. ඔහුට අනුව, කරුණු පරීක්ෂා කිරීම, එනම් ප්රචාරය කරන ලද තොරතුරු සත්යාපනය කිරීම අවසන් කිරීම, “ඩිජිටල් ම්ලේච්ඡත්වයට” දොර විවර කිරීමක් වනු ඇත.
“සමාජ ජාලා මගින් සමාජය තුල ඩිජිටල් සංහාරයක් ඇති කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ,” බ්රසීලයේ අධිකරණ අමාත්ය ජෝර්ජ් මෙසියස් පවසා සිටියේය.
“එබැවින් මෙටාට තමා ගේ මේ නවතම තීරණය ගැන පැහැදිලි කිරීමට දින තුනක් අපි ලබා දෙනවා. මේ අඥාණ තීරණය නිසා යුක්තිය පසඳලිම්ද තර්ජනයට ලක්ව ඇත. “වගකීම් විරහිත විශාල නව ඩිජිටල් තාක්ෂණික නායකයින්ගේ අත්තනෝමතික බල පරාක්රමය අවසන් කර ඩිජිටල් සම්මත නීතියට ගරු කරන්නේ නම් පමණක් සමාජ ජාලා ක්රියාත්මක කිරීමට අප ඉඩ දෙනවා” යයි පසුගිය ඔක්තෝම්බර් මාසයේදී X ජාලය දින 40 කට අත්හිටුවා, එලොන් මස්ක්ට එරෙහිව පාඩමක් ඉගැන්වූ බ්රසීලයේ ශ්රේෂ්ඨාධිකරණ මහේස්ත්රාත් Alexandre de Moraes ද මාධ්ය සාකච්චා වට එක් වෙමින් පවසා සිටියේය.
මේ කාරණය සම්බන්ධයෙන් ප්රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් ලබා දුන් සහයෝගය ගැන බ්රසීල ජනාධිපති ලූලා ද සිල්වා අගය කළේය. ඒ අනුව දෙදනා අතර පැවති දුරකථන සංවාදයකින් පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්රකාශනයේ නිදහස යනු අසත්ය, අගතී කාමී වෛරී ප්රකාශ සහ අපහාස පැතිරවීමේ නිදහස නොවන බවට සමාජ ජාලා යෝධයන්ට අවධාරණය කිරීමට ජනාධිපතිවරුන් දෙදෙනාම එකඟ වූ බවයි.
නමුත් මේ සම්බන්ධයෙන් ආර්ථික විශේඥයින් පවසන්නේ මෙටා අධිපති Mark Zuckerbergගේ මෙම නව ස්ථාවරය යුරෝපයටද අදාළ වනුයේ ට්රම්ප්ගේ ජාත්යන්තර වෙළඳ බල අරගල සන්දර්භය තුළ එයට එරෙහිව යුරෝපය, චීනය හා රුසියාව විසින් සිදු කරනු ලබන නීති සම්පාදනයට අභියෝග කිරීමට ප්රධාන වේදිකා සූදානම් වන ආකාරය මෙයින් පෙන්නුම් කරන බවය. විශේෂයෙන් යුරෝපා සංගමය විසින් ඇමරිකානු සමාජ ජාලා හා නව තාක්ෂණික ආයතන වලට එරෙහිව පසුගිය වසර 20 තුලදී ඩොලර් බිලියන 30ක බදු අයකර ඇති බවට මෙටා අධිපති MARK ZUCKERBERG පසුගිය සතියේ චෝදනා කරනු ලැබුවේ ට්රම්ප් සමග “ප්රබල ඇමරිකාවක් සඳහා” යන සංකල්පය සමග ඍජුවම හිට ගනිමිනි. එහිදී මෙම නව තත්වය ඉදිරියේ යුරෝපා කොමිසමට මෙයට මුහුණ දී වෙබ් දැවැන්තයින්ට එරෙහිව නව ඍජු තීරණ ගත හැකිද? එහි දී යුරෝපා කොමිසමේ සභාපතිනි උර්සුලා වොන් ඩර් ලේයන් හට ඒ සඳහා හැකියාවක් ඇත්ද යන්න සැක සහිත බව ද ඔවුන් තව දුරටත් පෙන්වා දේ.










