මෙරට ප්‍රාථමික අධ්‍යාපනය හදාරන දරුවන් වෙනුවෙන් ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ චීන පදනම (CFRD) සහ අලිබාබා සමාගමේ අනුග්‍රහයෙන් “panda pack” ව්‍යාපෘතිය යටතේ පාසල් උපකරණ සහිත පාසල් බෑග් 5000ක් ඊයේ (07) අගමැති කාර්‍යාලයේ දී ප්‍රදානය කර තිබේ.
අදාළ පරිත්‍යාගය ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොග් (Qi Zenhong) විසින් අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති වෛද්‍ය මධුර සෙනෙවිරත්න වෙත සංකේතවත්ව ප්‍රදානය කර ඇත.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා වූ චීන පදනමේ සහකාර අධ්‍යක්ෂ Zou Zhiqiangද සහභාගී වූ බව අගමැති මාධ්‍ය අංශය සඳහන් කරයි.


304










