ගැඹුරු මුහුදේ ඛණිජ තෙල් හා ගෑස් කැණීම් තහනම් කළ බයිඩන්ට ට්‍රම්ප්ගේ විරෝධය!

ගැඹුරු මුහුදේ ඛණිජ තෙල් හා ගෑස් කැණීම් තහනම් කළ බයිඩන්ට ට්‍රම්ප්ගේ විරෝධය!

පසුගිය ඇමරිකානු මැතිවරණ සමයේ “හාරපල්ලා, හාරපල්ලා” යන සටන් පාථ කියමින් ගැඹුරු මුහුදේ ගෑස් හා තෙල් සෙවීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දුන් මැතිවරණ පොරොන්දුවට එරෙහිව ජෝ බයිඩන් තම විධායක බලය යොදා තහනමක් පනවා ඇත. හෙක්ටයාර කිලෝ මීටර් මිලියන 2.5 ක් මත පිහිටා තිබෙන මෙක්ෂිකෝ බොක්ක, ඇලස්කාව හා බේරින් සමුද්‍ර සන්ධිය අවට විශාල මුහුද මත නව කැණීම් තහනම් කිරීම නිවේදනය කිරීම මගින් ජෝ බයිඩන් පරිසරය වෙනුවෙන් ට්‍රම්ප්ට එරෙහිව තම අවසාන ප්‍රහාරය එල්ල කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර සිටි.

පසුගිය කාලය පුරාවටම තෙල් හා ගෑස් හා අනෙකුත් ආර්ථික මුලාශ්‍ර බහුල ග්‍රීන්ලන්තය, පැනමාව හා කැනඩාව ඇමරිකාවට ඈඳා ගැනීමට ට්‍රම්ප් ආන්දොලාන්තමක ප්‍රකාශ නිකුත් කර තිබිණි.

ඩිමොක්‍රටික් ජනාධිපති ජෝ බයිඩන් මෙම වසරේ ජනවාරි 6 වැනි දින සිට කිසිදු නව තෙල් හෝ තෙල් කැණීම සිදු කිරීමට ඇමරිකානු අනාගත රජයන්ට ඇති අයිතිය ඒ අනුව තහනම් කළේය. අවසන් දිනයක් නොමැති මෙම තහනම එක්සත් ජනපදයේ අත්ලාන්තික් වෙරළ තීරයේ සහ පැසිෆික් වෙරළ තීරයේ, මෙක්සිකෝවේ නැගෙනහිර බොක්කෙහි සහ ඇලස්කාවේ වෙරළට ඔබ්බෙන්, බෙරිං සමුද්‍ර සන්ධියේ තුල ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

ඉන් පසුව ජෝ බයිඩන් මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ “අපගේ දරුවන් සහ මුණුබුරන් සඳහා මෙම වෙරළ තීරයන් ආරක්ෂා කිරීමට කාලය පැමිණ තිබෙන නිසා” තම තීරණය ගනු ලැබූ බවයි.

“තෙල් හා ගෑස් සඳහා සිදු කරන කැණීම් නිසා මේ වන විට ඛාදනය වී ඇති මුහුදු ප්‍රදේශ වල පොසිල ඉන්ධන සෙවීම සම්බන්ධයෙන් සාපේක්ෂව ඇත්තේ ඉතාමත් සුළු ප්‍රමාණයක අපේක්‍ෂාවක් බව මට පැහැදිලියි. ඒ නිසා නැඟෙනහිර සහ බටහිර වෙරළ තීරය, ඇලස්කාවේ සහ මෙක්සිකෝ බොක්කෙහි) පරිසරයට, මහජන සෞඛ්‍යයට අහිතකර සහ ආර්ථිකයට නව සහන ලබා දීම සඳහා කියමින් නව කැණීම් මගින් ඇති කරන අවදානම එමගින් සාධාරණීකරණය කරන්න හැකියාවක් නෑ »

“පරිසරය ආරක්ෂා කිරීම සහ අපේ ආර්ථිකය වර්ධනය කිරීම යන දෙකෙන් එකක් තෝරා ගැනීමට අපට අවශ්‍ය නැත, එසේම අපගේ සාගර, අපගේ වෙරළ තීරය සහ ඒවා නිෂ්පාදනය කරන මුහුදු ආහාර සංරක්ෂණය කිරීම සඳහා මුදල් සෙවීමට හා වැඩි පුර තෙල් හා ගෑස් ගවේෂණ මගින් බලශක්ති මිල අඩු මට්ටමක තබා ගැනීමට හැකි යයි පැවසීම පිළිගත නොහැකියි. මේවා බොරු විකල්ප,” යනුවෙන් ජෝ බයිඩන් ජනාධිපති මෙම කැණීම් තරයේ හෙලා දුටුවේය.

මේ අතර දේශපාලන විචාරකයින් පවසන්නේ මෙම පණිවිඩය පැහැදිලිවම ඉලක්ක කර ඇත්තේ ජනවාරි 20 වනදා දිවුරුම් දීමට නියමිත ට්‍රම්ප් ජනාධිපති වරයාට බවය. එක්සත් ජනපදයේ තෙල් හා ගෑස් නිෂ්පාදනය මේ වන විට වාර්තාගත ඉහල මට්ටමක පැවතුනද මැතිවරණ ව්‍යාපාරය තුලදී පෙට්‍රල් මිල අඩු කිරීමට දැඩි ලෙස ගැඹුරු මුහුදේ කැණීම් සිදු කිරීමට කරන බවට රිපබ්ලිකන් ජනාධිපති ට්‍රම්ප් තම මැතිවරණ වේදිකාවේදී නිරතුරුවම පවසනු ලැබුවේය.

නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ඔහු නැවත ධවල මන්දිරයට පැමිණි විට “වහාම” මෙම තහනම අවලංගු කරන බවය.

එහෙත් ඇමරිකානු ව්‍යවස්ථාදායක නීති විශේෂඥයයින් පවසන්නේ ට්‍රම්ප්ගේ ප්‍රතිවාදි ඩිමොක්‍රටික් ජනාධිපතිගේ තීරණය ආපසු හැරවීම දුෂ්කර විය හැකි බවය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ නීති අංශය පැහැදිලි කරන පරිදි, ජෝ බයිඩන් මෙම තීරණය ගැනීම සඳහා 1953 දී සම්මත කරන ලද outer continental shelf lands act හෙවත් පිටත මහාද්වීපික ඉඩම් පනත විසින් “තෙල් හා ගෑස් සමාගම් වෙත ලබාදෙන ගැඹුරු මුහුදේ කැණීම් වැළැක්වීම” යොදා ගෙන ඇත. ජනාධිපතිවරයෙකු විසින් සිදු කරනු ලබන නීතිය යලි ඉවත් කල හැක්කේ කොන්ග්‍රසය හරහා පමණි. එසේම ගැඹුරු මුහුදේ නව කැණීම් තහනම් කිරීමේ තීරණයක් ආපසු හැරවීමට ජනාධිපතිවරයාට ඇති අයිතිය මෙම නීතිය තුල පැහැදිලිවම ලබා දෙන්නේ නැත.එහෙත් මෙම නීතියේ 12(අ) වගන්තිය ජනාධිපතිවරයෙකුට ගැඹුරු මුහුදේ කැනීම් නැවැත්වීමට ඇති අයිතිය සඳහා ඉඩ සලසයි.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත තවදුරටත් පවසන්නේ ජෝ බයිඩන් මෙම තීරණයෙන් උත්සාහ කරන්නේ පාරිසරික ගැටළු සම්බන්ධයෙන් ට්‍රම්ප් ජනාධිපතිවරයා යම් සංවේදීතාවයක් ඇති කරගත යුතු බවට දෙන අනතුරු හැඟවීමක් ලෙසිනි. එහෙත් ඔහුගේ පාලන කාලය තුල වෙන කවරදාටත් වඩා තෙල් මිල ඉහළ යාම පාලනය කිරීමට බයිඩන් අපෝසත් විණි. නමුත් ඇමරිකානු පරිසර වේදීන් බයිඩන් ගේ තීරණය අගය කරනුයේ පසුගිය නොවැම්බරයේ ඇමසන් වනයට වෙත ගිය පළමු ඇමරිකානු ජනාධිපතිවරයා ජෝ බයිඩන් බවටද සඳහන් කරමිනි.

එහෙත් ට්‍රම්ප් පරිපාලනයේ අනාගත ප්‍රකාශිකාව වන කැරොලයින් ලෙවිට් මාධ්‍ය වෙත පවසා සිටින්නේ බයිඩන් ගේ තීරණය “අපකීර්තිමත් තීරණයක්” සහ “දේශපාලන පළිගැනීමක්”බවය.

නමුත් පාරිසරික රාජ්‍ය නොවන සංවිධාන, ඊට පටහැනිව, මිනිසා විසින් ඇති කරන දේශගුණික විපර්යාසවල යථාර්ථයට එරෙහිව තරඟ කරන ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පැමිණීමට පෙර සිදුකල මෙම තීරණය සාදරයෙන් පිළිගෙන ඇත්තේ “එය සාගරය ආරක්ෂා කිරීම සඳහා සටන් කරන පරිසර වේදීන් ලබා ගත් ඓතිහාසික ජයග්‍රහණයක් ලෙසය.

ජීව විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගැඹුරු මුහුදේ සිදුකරන කැණීම්, හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමේ අරමුණ හා ගෝලීය උණුසුම ඉහළ යාමේ අරමුණට ඍජුවම බලපානු ලබන බවයි. දේශගුණික විපර්යාස අවම කිරීම සහ පරිසරය හා පෘතුවිය ආරක්ෂා කිරීම යන සියල්ලටම වඩා ආර්ථිකය ගැන සැලකිලිමත් වන ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඔවුන්ගේ අනතුරු ඇඟවීම් වලින් ප්‍රයෝජනයක් නොමැති බව ලිබරල් මුල්‍ය පුවත්පතක් වන HOFFINGTONPOST සඟරාව තම කතුවැකියෙන් ප්‍රකාශ කර සිටි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්