හිමාලයේ දේශසීමා ආරවුල විසඳා ගැනීමට චීනය හා ඉන්දියාව අතර හමුවක් !

හිමාලයේ දේශසීමා ආරවුල විසඳා ගැනීමට චීනය හා ඉන්දියාව අතර හමුවක් !

2020 දී සිදු වූ මිලිටරි ගැටුමෙන් ඉන්දියානු සොල්දාදුවන් 20දෙනෙකු ගේ මරණයෙන් පසු හිමාලයේ දිගුකාලීන දේශසීමා ආරවුල අවසන් කර ගැනීමට චීනය සහ ඉන්දියාව දෙසැම්බර් 18 වැනි බදාදා එකඟ වූ බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි. චීන උප ජනාධිපති HAN ZHENG හා ඉන්දියානු ජාතික ආරක්ෂක උපදේශක SHRI JITH DOVAL අතර මෙම හමුව චීනයේ බිජිං නුවර සිදු වී ඇති අතර මේ දක්වා රාජ්‍යයන් දෙක අතර පවතින ගැටුම් කාරී තත්වය නිදහස, සෛවරිභාවය, මිත්‍රත්වය මත අවසන් කර ගැනීමට දෙපාර්ශවය අවසානයේ එකඟ වී ඇත.

මිට පෙර BRICS සමුළුවේදී චීන ජනාධිපති XI JINPING හා ඉන්දියානු අගමැති NARENDRA MODI අතර හමුවක් රුසියාවේ කසාන් නුවරදී පැවැත්වුණු අතර දෙරට අතර ශක්තිමත් සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට එහිදී සාකච්චා පවත්වන ලදී. මේ අතර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ඊයේ යලිත් පැවසුවේ ඩොලරයට අභියෝග කිරීමට උත්සහ කරන BRICS කණ්ඩායමේ සාමාජිකයින්ට එරෙහිව ආනයන බදු 120% දක්වා තෙගුණ කරන බවය.

ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ රටවල් දෙක වන චීනය සහ ඉන්දියාව අතර කිලෝමීටර් 3,500 ක පමණ කඳුකර මායිමක් දෙරට අතර බෙදී යන අතර එය බොහෝ කාලයක සිට විවිධ ගැටුම්කාරී සිදුවීම් වලට ලක්වන කලාපයක් ලෙස සැලකේ. 2020 ගැටුම 1975 දේශසීමා යුද්ධයෙන් පසුව ඉන්දියාව සහ චීනය අතර ඇති වූ පළමු මාරාන්තික ගැටුම වන අතර ඒ නිසා රටවල් දෙක අතර යුධමය ආතතීන් ද මතු විණි. 2020දී හට ගත් දේශසීමා ගැටුමේදී අවම වශයෙන් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනෙකු සහ චීන සොල්දාදුවන් හතර දෙනෙකු මිය ගියහ. එතැන් සිට, දෙරට අතර හමුදාපති මට්ටමේ රැස්වීම් වට 21ක් සහ චීන-ඉන්දියා දේශසීමා කටයුතු පිළිබඳ උපදේශන සහ සම්බන්ධීකරණය සඳහා ක්‍රියාකාරී යාන්ත්‍රණයේ රැස්වීම් 32 ක් හරහා සාකච්චා පවත්වා ඇත.

පසුගිය ඔක්තෝම්බර් 31 වැනිදා දීපවාලි උත්සවය වෙනුවෙන් චීන හමුදා විසින් හිමාල දේශසීමා අසල මුර සේවයේ යෙදී සිටින ඉන්දියන් හමුදා භටයින්ට තෑගි බෝග පිරිනමා සුභාෂිංශණ පැවැත්වීම ලොව පුරා විදේශ මාධ්‍ය වල දැඩි කතා බහට ලක් විනි. BRICS සමුළුවේදී ඉන්දියාව හා චීනය අතර සිදු වූ සාම සාකච්චා වලදී දේශ සීමා ආරවුල් අවසාන කර ගැනීමට LINE OF CONTROL(LAC) නමින් ගිවිසුමක් අත්සන් කරන ලදී. 2020 GALWAN කලාපයේ සිදු වූ ගැටුමෙන් සිදු වූ ඉන්දීය මිලිටරි මරණ 20 හේතුවෙන් දෙරට අතර බරපතල ආර්ථික ගැටුම් ද ඇති විනි. විශේෂයෙන් ඩොලර් බිලියනක් වටිනා චීන ආයෝජනයක් වූ BYD විදුලි මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් පිහිටුවීම චීනය ඉවත් කර ගන්නා ලදී. එයට එකට එක කිරීමක් ලෙස ඉන්දියාව චීන TIKTOK සමාජ ජාලය ඉන්දියාවට ඇතුළු වීම වසා දැමුණු අතර චීන සංචාරකයන්ට වීසා ලබා දීම ද නවත්වන ලදී.

නමුත් කාලයත් සමග ඉන්දීය ආර්ථික විශේෂඥයන් චීනය සමග එකඟතාවයකට පැමිණෙන ලෙස මෝදී පාලනයට බල කරමින් සිටි. චීන කාර්මික වෙළඳපල අහිමි වීම ඉන්දියන් ආයෝජකයින් මුහුණ දෙන බරපතල අර්බුධයක් බව BLOOMBERG ආර්ථික වෙබ් අඩවිය පෙන්වා දේ. අර්ධ සන්නායක හා විදුලි කාර්මික ශක්ති කේෂ්ත්‍ර වල ඉන්දියාව පසුවන පසුගාමී බව මත එය නවීකරණය කිරීම සඳහා චීන තාක්‍ෂණය ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය බව ඔවුන් පෙන්වා දේ. එසේම ඉදිරියේ එන ට්‍රම්ප් පාලනය මගින් සිදු කිරීමට නියමිත බදු ප්‍රතිපත්තිය නිසා ආර්ථික කේෂ්ත්‍රය තුල දෙරට අතර සම්මුතියක අවශ්‍යතාවය ඉන්දීය හා චීන ආර්ථික විශේෂඥයින් ද අවධාරණය කර සිටි. කෙසේවෙතත් චීන අපනයනයන් නිසා ඉන්දියාවට ඩොලර් බිලියන 85ක වෙළඳ හිඟයක් ද ඇති වී ඇති බව අමතක කල යුතු නැති බව BLOOMBERG තවදුරටත් පෙන්වා දේ.

එහෙත් මේ වන විට ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත ආර්ථික ආරක්ෂණ වාදය ඉදිරියේ ඇති අනතුර වටහා ගෙන ඇති ඉන්දියාව ඉදිරි වසර කීපය තුලදී චීන තාක්‍ෂණිකයන් සඳහා වීසා ලබා දීම, දෙරට අතර ගුවන් සීමා විවෘත කිරීම, ආයෝජන සඳහා වූ ඉඩ කඩ පුළුල් කිරීම සඳහා චීනය සමග අවසානයේ එකඟ වීමට තීරණය කර ඇත. ආරක්ෂාව, ගුවන් තොටු පල හා දුර කථන යන මරමස්ථාන වල හැර මෝටර් රථ හා විදුලි කාර්මික කේෂ්ත්‍ර තුල ආයෝජනය සඳහා ඉන්දියාව චීනයට 10%ක ප්‍රාග්ධන ප්‍රතිශතයක් ඒ අනුව ලබා දෙනු ඇත.

ඒ අනුව මේ දක්වා බරපතල වී ඇති හිමාල දේශසීමා ගැටළු පිළිබඳ සාකච්චා සඳහා දෙසැම්බර් 18 බදාදා හමු වූ චීන විදේශ අමාත්‍ය HAN ZHENG සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක SHRI JITH DOVAL අතර පැවති සාකච්ඡාවෙන් පසු චීන විදේශ අමාත්‍යාංශය පෙන්වා දුන්නේ දෙපාර්ශවය “සාධාරණ සහ සාධාරණ” විසඳුම් සොයමින් මාර්ග සිතියමක් සකස් කර පළමුව පහසු පියවර ගැනීමටත්, ඉන් පසුව වඩාත් දුෂ්කර ගැටළු සඳහා තවදුරටත් සාකච්චා කිරීමට තීරණය කල බවයි.

මෙම සම්මුතිය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල යහපත් හා ස්ථාවර ප්‍රවර්ධනයක් සඳහා කටයුතු කරන අතරම දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන් භාවය පවත්වා ගැනීමට චීන හා ඉන්දියානු හමුදා කැපවී සිටිනු ඇත

චීනයේ Xizang ස්වයං පාලන ප්‍රදේශයට ඉන්දියානු වන්දනා ගමන් නැවත ආරම්භ කිරීම, දේශසීමා ගංගා ආශ්‍රිතව සහයෝගීතාව පුළුල් කිරීම සහ Nathu La Pass හරහා දේශසීමා වෙළඳාම ප්‍රවර්ධනය කිරීම ඇතුළු දේශසීමා හුවමාරු සහ සහයෝගීතාව ශක්තිමත් කිරීමට දෙපාර්ශවය ප්‍රතිඥා දුන්හ.

චීන – ඉන්දීය දේශසීමා ගැටලුව සම්බන්ධයෙන් මීළඟ විශේෂ නියෝජිත හමුව ලබන වසරේ ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතව ඇත.

Facebook
Twitter
LinkedIn