විදුලි ගාස්තු සංශෝධන යෝජනාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු අද (17) සිට ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මෙම මහජන අදහස් ලබා ගැනීම ජනවාරි 08 වනදා දක්වා සිදුකිරීමට නියමිත බව එම කොමිෂන් සභාව සඳහන් කරයි
අදාළ යෝජනා “විදුලි ගාස්තු පිළිබඳ මහජන උපදේශනය, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව, 06 වන මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන, කොළඹ 03” යන ලිපිනයට මෙන්ම info@pucsl.gov.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කළ හැකි බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.
එසේම මහජන උපයෝගීතා කොමිසමට පැමිණ හෝ පළාත් මට්ටමෙන් වෙන්කර ඇති ස්ථානවල දී අදහස් ඉදිරිපත් කළ හැකි බවද එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
101










