යුක්රේන-රුසියා නිෂ්පල යුද්ධය අවසන් කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සහය ඉල්ලා සිටී !

යුක්රේන-රුසියා නිෂ්පල යුද්ධය අවසන් කිරීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සහය ඉල්ලා සිටී !

මේ දිනවල යුරෝපයේ සංචාරයක නිරත වී සිටින පසුගිය මැතිවරණයෙන් තේරී පත් වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙතින් යුක්රේනයේ සිදුවන මහා පරිමාණ ජන සංහාර යුද්ධය නැවැත්වීම සඳහා ඇමරිකාවට මැදිහත් වන ලෙස යුක්රේන ජනාධිපති වරයා වන සෙලන්ස්කි විසින් ඉල්ලා ඇතැයි වාර්තා වේ. රුසියාව සමඟ සාම ගිවිසුමකට තමන්ද කැමති බව යුක්රේන ජනාධිපතිවරයා ද එකඟ වූ බව ට්‍රම්ප් කියා සිටි. එහෙත් බයිඩන් පාලනය විසින් යුක්රේන යුද්ධය දිගටම පවත්වා ගෙන යාම සඳහා ඩ්‍රෝන, මිසයිල, බිම් බෝම්බ මිලදී ගැනීම සඳහා ඩොලර් මිලියන 988ක් ලබා දීමට තීරණය කර ඇත්තේ ට්‍රම්ප් ජනවාරි 20වෙනදාට දිවුරුම් දීමට පෙරය. යුක්රේනය වෙනුවෙන් තවදුරටත් මුදල් ලබා දීම ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් යුක්රේන ජනාධිපති හා ප්‍රංශ ජනාධිපති මක්රෝන් හමුවේදී තරයේ හෙලා දැක ඇත.

ඊයේ දෙසැම්බර් 8 වැනිදා යුක්රේන ජනාධිපතිවරයා හා ප්‍රංශ ජනාධිපතිවරයා හමු වීමෙන් පසු ඇමරිකානු එක්සත් ජනපදයේ තේරී පත් වූ නව ජනාධිපති ට්‍රම්ප් ඔහුගේ සමාජ ජාල ගිණුමේ පළ කරන ලද පණිවිඩයක සඳහන් කලේ රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන් බොහෝ ජීවිත නිෂ්ඵල ලෙස අහිමි වී ඇති බවයි.

” යුක්රේනයේ යුධ ගැටුම අවසන් කිරීම සඳහා “ක්ෂණික සටන් විරාමයක්” සහ සාකච්ඡා සඳහා දෙපාර්ශ්වයම එකඟ විය යුතුයි. Volodymyr Zelensky සහ යුක්රේනය වහාම රුසියාව සමග එකඟතාවයකට පැමිණ මේ පිස්සුව අවසන් කිරීමට කැමති බව මාහට දැනුම් දුන්නා. ඔහු ‘ක්ෂණික සටන් විරාමයක්’ ඉල්ලා සිටින බව Volodymyr Zelensky රුසියාව සමඟ ‘ගිවිසුමකට කැමති’ බවත් මාහට අවධාරණය කළා. වහාම සටන් විරාමයක් ඇති විය යුතු අතර ඒ සඳහා සාම සාකච්ඡා ආරම්භ කළ යුතුය. මේ නිෂ්පල ගැටුම නිසා බොහෝ ජීවිත දෙරටට අහිමි වෙලා, බොහෝ පවුල් විනාශ වෙලා. මෙම යුද්ධය දිගටම පැවතුනහොත් එය විශාල හා වඩා නරක දෙයක් බවට පත්විය හැකිය” යනුවෙන් ට්‍රම්ප් තම සමාජ ජාල ගිණුමේ සඳහන් කර ඇත.

ඉන් පසුව මාධ්‍ය ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ මෙය කිසිදා ආරම්භ නොකළ යුතු යුද්ධයක් විය යුතුව තිබුන බවයි.

ඔහුට අනුව, යුක්රේනයට සොල්දාදුවන් 400,000ක් (සටන අතරතුර මිය ගිය හෝ තුවාල ලැබූ) සහ “තවත් බොහෝ සිවිල් වැසියන්” අහිමි වූ අතර, “රුසියාවට සොල්දාදුවන් 600,000 ක් තුවාල වී හෝ මිය ගොස් ඇති අතර, මෙම ගැටුම කිසි විටෙකත් ආරම්භ නොවිය යුතු යුද්ධයක් වන අතර සදාකාලිකව පැවතිය හැකි යුද්ධයක්ද නොවිය යුතු බව ඔහු අවධාරණය කළේය.

“මම ව්ලැඩිමීර් පුටින් හොඳින් හඳුනනවා. යුක්රේනයේ සාමය සඳහා චීනයට ද මැදිහත් වී උදව් කළ හැකියි!” යයි ඩොනල්ඩ් ට්‍රම්ප් තවදුරටත් පවසා සිටියේය.

ඇමරිකානු ජනාධිපතිවරණදී ට්‍රම්ප්ගේ ජයග්‍රහණය රුසියාවට එරෙහිව සිදු කරන යුද්ධයේදී යුක්රේනයට එක්සත් ජනපදයේ අනාගත සහය අහිමි විය හැකි බවට යුරෝපා සංගමයට හා නේටෝ වට ද මේ අතර සැක පහළ වී ඇත. රිපබ්ලිකානු ට්‍රම්ප් ගේ ජනවාරි 20වන දින දිවුරුම් දීමේ සමාරම්භක උත්සවයට පෙර දැනටමත් ඇමරිකානු අයවැය මගින් තහවුරු කර ඇති ආධාර සති කිහිපයක් ඉතිරිව තිබියදී එක්සත් ජනපද මුදල් තොගවලින් ලබා නොගෙන ආරක්ෂක සමාගම් හෝ හවුල්කරුවන්ගෙන් මිලිටරි උපකරණ මිලදී ගන්නා යාන්ත්‍රණයක් හරහා යුක්රේනයට ලබා දීමට බයිඩන් පාලනය ක්‍රියා කරමින් සිටි.

රේගන් පාලන සමයේ නිකරගුවානු සැන්ඩිනිස්ටා සමාජවාදී පාලනයට එරෙහිව රේගන් විසින් කොන්ටා ගරිල්ලන්ට ආයුධ ලබා දුන්නේද මේ ආකාරයට වේ.

ඒ අනුව යුක්රේනය සඳහා පුද්ගල නාශක බෝම්බ මෙන්ම ගුවන් යානා නාශක සහ සන්නාහ නාශක අවි ද දෙවන වරට ලබා දීම ඇතුළු ඩොලර් මිලියන 725 ක ආධාර ලබා දීමට බයිඩන් පාලනය ලහි ලහියේ තීරණය කර ඇත. පසුගිය සෙනසුරාදා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් හා යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි හමුවූ ඩොනල්ඩ් ට්‍රම්ප්, යුක්රේනය සඳහා එක්සත් ජනපදය විසින් නිකුත් කරන ලද ඩොලර් බිලියන ගණනක් වූ යුධ ආධාර තරයේ යලි විවේචනයට ලක් කළේය.

කෙසේවෙතත් දෙසැම්බර් 09 සඳුදා යුක්රේන ජනාධිපතිවරයා යුක්රේනය නේටෝ සංවිධානයට ඇතුල් කර ගැනීම සඳහා බයිඩන් සමග සාකච්චා ආරම්හ කරන බව පවසා සිටියේය. ඇමරිකානු සහය නොලැබුනොත් යුක්රේනය පැය 24ක් තුල කඩා වැටෙනු ඇති බවත් සාමය සඳහා යුක්රේන ආරක්ෂාව සඳහා පැහැදිලි සහතිකයක් නේටෝව මගින් අපේක්ෂා කරන බව යුක්රේන ජනාධිපතිවරයා පවසා සිටියේ පසුගිය සතියේය. නමුත් යුරෝපා සංගමය හා බයිඩන් පාලනය එය ප්‍රතික්‍ෂේප කරනු ලැබුවේය.

මේ අතර ස්ටොක්හෝම් ඉන්ටර්නැෂනල් පීස් ඉන්ස්ටිටියුට් (SIPRI) රාජ්‍ය නොවන සංවිධානය විසින් සිදු කරන ලද විශ්ලේෂණයකට අනුව, ලෝක ආයුධ සහ හමුදා සේවා නිෂ්පාදනය කරන සමාගම් විසින් 2023 දී පමණක් ඔවුන් විසින් උපයු ශුද්ධ ලාභය 4.2% කින් එනම් යුරෝ බිලියන 598 දක්වා ළඟා කර ගැනීමට සමත් වී ඇත. ලෝකයේ විශාලතම ආයුධ සමාගම් 100ක් පසුගිය වසරේ යුරෝ බිලියන 600ක පමණ ලාභයක් වාර්තා කර ඇති අතර, ගාසාවේ සහ යුක්රේනයේ යුද්ධවලින් සහ සාමාන්‍යයෙන් ආතති සහගත භූ දේශපාලනික තත්වයන් උපයෝගී කර ගනිමින් විශාල ප්‍රතිලාභ උපයා ඇත.

ස්ටොක්හෝම් ඉන්ටර්නැෂනල් පීස් ඉන්ස්ටිටියුට් (SIPRI) විසින් කරන ලද විශ්ලේෂණයට අනුව එහිදී යුරෝපයේ, ආයුධ සමාගම්වල ලාභය 0.2% කින් ඉහළ ගොස් ඇත. ලාභ ඉපයූ පළමු සමාගම් 100 අතර තම ස්ථානය රඳවා ගත් ප්‍රධාන ආයුධ සමාගම් වන්නේ සර්ව-යුරෝපීය සමාගමක් වන එයාර්බස්, ඉතාලියේ ලියනාඩෝ, ප්‍රංශයේ තේල්ස්, එක්සත් රාජධානියේ රෝල්ස් රොයිස් සහ ජර්මනියේ රයින්මෙටල් ය. ගුවන් යානා නිෂ්පාදනය සඳහා වඩාත් ප්‍රසිද්ධ යුරෝපීය සමාගමක් වන එයාර්බස් විසින් 2023 දී එහි මුළු ආදායමෙන් 18%ක් ආයුධවලින් ලාභ උපයාගෙන ඇත. මෙම Franco-German සමාගම ප්‍රංශයේ තම මූලස්ථානය පිහිටුවා ඇති අතර එහි නිපදවන ආයුධ යේමනයේ ගැටුමට මෙන්ම නිරීක්ෂණ ව්‍යාපෘතිවලට මෙන්ම මධ්‍යධරණී රටවල් හරහා යුරෝපයට ඇතුළු වීමට උත්සාහ කරන සංක්‍රමණිකයන්ට එරෙහිව ද ඒවා යොදා ගෙන ඇති බව එම වාර්තාව මගින් වැඩි දුරටත් පෙන්වා දෙයි.

Facebook
Twitter
LinkedIn