ජනාධිපති අනුර තවත් ආන්දෝලනාත්මක වැඩක…

ජනාධිපති අනුර තවත් ආන්දෝලනාත්මක වැඩක…

නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු වගකිවයුතු යුක්තිය පසඳලීමේ ආයතනවල ක්‍රියාකාරිත්වය පසුගිය කාලයේ සාමාන්‍ය ජනතාවට එරෙහිව දියත් කරමින් චෞර වලල්ලේ පිරිස් නිදහස් කර හරින ලද ආකාරය විස්තර සහිතව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පෙන්වා දෙනු ලැබීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, “2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම” වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක,

“කොපමණ නීති සම්පාදනය කළත්, කොපමණ ආයතන ගොඩනැගුවත් ඒවා හොබ වන පුද්ගලයින් නිසියාකාරයට ක්‍රියාත්මක නොවන්නේ නම් පුරවැසියාට සාධාරණය ඉටු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනතාව විසින් උත්පාදනය කර ඇති බලය භාවිත කර ජනතාවට යුක්තිය ඉටු නොකරන්නේ නම් එම බලය ඵලක් නොවන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, “2024 ජාත්‍යන්තර දූෂණ විරෝධී දින ජාතික සැමරුම” වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (09) පැවැති උත්සවයේදීය.

“සුපිළිපන්න හෙටක් සඳහා තාරුණ්‍යය එකමුතු කරමු” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය සැමරීම සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ අල්ලස හා දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් අවශ්‍ය තරම් නීති සහ ආයතන පැවතුණත් එම නීතිය භාවිත කර අල්ලස් හෝ දූෂණය වළක්වාලීමට කටයුතු කර තිබෙන බව තමන්ගේ හෘද සාක්ෂියෙන් විමසීමක් කළ යුතු බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

දූෂණය සහ අල්ලස සමාජ ඛේදවාචකයක් බවට පත්ව තිබෙන අතර 2013 ජාත්‍යන්තර දර්ශක අනුව 79 වන ස්ථානයේ පැවති ශ්‍රී ලංකාව 2023 වසර වනවිට 115වන ස්ථානයට පැමිණීම නිසා ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරීම සිදු කරනු ලබන්නේ මන්දැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රශ්න කළේය.

වසරෙන් වසර දූෂණය සහ වංචාව වැඩිවීමක් සිදුව ඇති බවත් එය ලබන වසරේදී අවම කර ගැනීමට නොහැකි නම් ජාත්‍යන්තර දින සැමරුම් පැවැත්වීමේ වටිනාකමක් නොමැති බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේය.

2021 වසරේදී අල්ලස් දූෂණ කොමිෂන් සභාව නඩු 69ක් පවරා ඇති අතර නඩු 40ක් ඉල්ලා අස් කර ගෙන තිබේ. 2022 වසරේදී නඩු 89ක් පවරාඇති අල්ලස් හා දූෂණ කමිෂන් සභාව නඩු 45ක් ඉල්ලා අස්කරගෙන ඇත.

මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතු ජනතාවට කිව යුතු බවත් විමර්ශන නිලධාරීන් නඩුවලදී සාක්ෂිකරුවන් නොවීමට හේතු ජනතාවට අනාවරණය කළ යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එක් වසරකදී අල්ලස් හා දූෂණ වරදකරුවන් ලෙස කොස්තාපල්වරු දෙදෙනෙක්, ග්‍රාම නිලධාරීවරයෙක් සහ ලිපිකරුවෙක් අල්ලස් හෝ දූෂණ කමිසම් සභාව විසින් වරදකරුවන් කරනු ලැබ ඇති අතර ශ්‍රී ලංකාවේ නීතිය මකුළු දැලක් ලෙස ක්‍රියාත්මක වී ඇති බව ජනතාව අතර විශ්වාසයක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පොඩි සතුන් එම දැලට හසුවන බවත් ලොකු සතුන් මකුළුදැල බිඳගෙන යන බවත් කියා සිටියේය.

යළි අපේ රට ගොඩනගනවා නම් රාජ්‍ය පද්ධතියම යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ නොකර සුවපත් රාජ්‍යයක් ඇති කිරීමට නොහැකි බවද කියා සිටියේය.

නීතිය ක්‍රියාත්මක කරන පුද්ගල සහ ආයතන පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති නිසා යුක්තිය ඉටු කිරීම ප්‍රමාද කිරීමද යුක්තිය ඉටු කිරීමක් නොවන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එම නිසා ශ්‍රී ලංකාව අල්ලස දූෂණය අවම රාජ්‍යයක් බවට පත් කිරීමට සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බවද පුරවැසියාගේ බලාපොරොත්තුවලට වටිනාකමක් ලබා දීම එමඟින් හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.”

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සංවර්ධන වැඩසටහන (UNDP) මගින් ජුරේ (JURE) ව්‍යාපෘතිය හරහා දැනටමත් සුපිළිපන්න නිළධාරීන් වශයෙන් රජයේ නිළධාරින් 1000කට අධික පිරිසක් පුහුණු කර ඇත. එම නිලධාරීන් ගෙන් 15ia දෙනෙකු සදහා පත්වීම් ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක අතින් සිදු කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී සපුතන්ත්‍රි, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විනිසුරු ඩබ්ලි.එම්.එන්.පී ඉද්දවෙල, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ සහ විදේශ තානාපතිවරු ඇතුළු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn