ලෝකයම යම් තිගැස්මකට පත් කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා යුද නීතිය ක්‍රියාත්මක කිරීම එරට පාර්ලිමේන්තුව විසින් මේ වනවිට පරාජයට පත් කර ඇති අතර එම ක්‍රියාවට එරෙහිව දෝශාභියෝගයක් ද ඉදිරිපත් කර තිබේ.
ඊයේ (03) රාත්‍රියේ එලෙස යුද නීතිය පනවා පාර්ලිමේන්තු ගොඩනැගිල්ල හමුදා බලඇණි යොදවා වටකර තිබිණි. පාර්ලිමේන්තු වහලය මත ගුවන් හමුදා හෙළිකොප්ටරයක් ද යොදවා තිබූ බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සභාගර්භයට ඇතුල් වී ජනාධිපති පැනවූ යුද නීතිය බල රහිත කිරීමේ යෝජනාවක් සම්මත කර ගෙන තිබේ.
එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්දය විමසීමේදී ජනාධිපතිවරයාගේ පක්ෂයේ මන්ත්‍රීවරු 15 දෙනෙකු ද ඔහුගේ ක්‍රියාවට විරුද්ධව ඡන්දය ලබා දී ඇත. මන්ත්‍රීවරු 300කින් සමන්විත එරට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 175කි. ජනාධිපතිවරයා එම විරුද්ධ පක්ෂයේ නායකයා ද වන අතර ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරු එම ක්‍රියාවට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇත.
එරට ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට එරෙහි දෝශාභියෝග යෝජනාව පැය 72ක් තුළ ඡන්ද විමසීමකට ලක් කළ යුතුව තිබේ.










