තෙල් මිල අඩු කිරීමේ ඇත්ත මෙන්න

තෙල් මිල අඩු කිරීමේ ඇත්ත මෙන්න

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධුරයට පත්වීමෙන් පසුව ඉන්ධන මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශාල ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යන අතර ඒ සම්බන්ධ සත්‍ය තොරතුරු මෙසේ හෙළි කරන්නෙමු.

ජනාධිපතිවරණයට පෙර අවසන් ඉන්ධන මිල සංශෝධනය 2024 සැප්තැම්බර් 05 දින සිදු කර තිබිණි. එදින සංශෝධනයේදී ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 352.00ක් වූ අතර දෙසැම්බර් 01 දින මිල සංශෝධනය කිරීමත් සමඟ එම ලීටරයක් රුපියල් 313.00 දක්වා රුපියල් 39.00කින් අඩු කර තිබේ. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල සැප්තැම්බර් 05 වෙනි දින 307.00ක් වූ අතර දැන් එම මිල 286.00ක් දක්වා රුපියල් 21.00කින් අඩු කර තිබේ.

එමෙන් ම, ඔක්ටේන් 92 පෙට්‍ර්ල් ලීටර් එකක් සැප්තැම්බර් 05 වෙනි දින රුපියල් 332.00සිට මේ වනවිට රුපියල් 309.00දක්වා රුපියල් 23.00කින් අඩු කර තිබේ. ඔක්ටේන් 95 ලීටර් එකක් රුපියල් 377.00සිට රුපියල් 371.00 දක්වා රුපියල් 6කින් අඩු කර ඇත.

මෙම මිල ගණන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වෙබ් අඩවියෙන් ලබා ගත් ඒවා ය.

Facebook
Twitter
LinkedIn