රුහුණට නිසි බලධාරියෙක් පත්කරයි

රුහුණට නිසි බලධාරියෙක් පත්කරයි

රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියෙකු පත් කිරීමට අධ්‍යාපාන ඇමති ලෙස අගමැති ආචාර්ය හරිනි අමරසූරිය කටයුතු කර තිබේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අගමැති හරිනි අමරසූරිය අද (24) අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ රත්නායක ඒ සඳහා පත් කර ඇත.

1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වන වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව හෙට (25) සිට බලපැවැත්වෙන පරිදි මෙම පත්කිරීම කර තිබේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්වයට නැවත පත් කිරීමට එම ආයතනයේ බලධාරීන් අපොහොසත් වී ඇති බවද එම ගැසට් පත්‍රයේ සඳහන් වේ.

රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපති එම ධුරයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස බල කරමින් අනධ්‍යයන කාර්යය මණ්ඩලය මේ වනවිට වර්ජනයක් ආරම්භ කර ඇති අතර ඒ සඳහා සිසු සහායද හිමිව ඇත.

Facebook
Twitter
LinkedIn