ඇමරිකාවෙන් අදානිට සිතාසි

ඇමරිකාවෙන් අදානිට සිතාසි

ඉන්දීය සුප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානිට එල්ලවී ඇති අල්ලස් චෝදනාවලට අදාළව අමෙරිකාවේ සුරැකුම්පත් සහ විනිමය කොමිසම සිතාසි නිකුත් කර තිබේ.

එමෙන්ම ඔහුගේ බෑණා වන ‘Adani Green’හි විධායක අධ්‍යක්ෂ සාගර් අදානිටද එම චෝදනා සම්බන්ධයෙන් සිතාසි නිකුත් කර ඇත.

ඒ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තම සමාගම වෙත ලබාගැනීමේ අරමුණින් ඉන්දීය නිලධාරීන් වෙත අල්ලස් ලබාදී ඇති බවටත්, අමෙරිකානු ආයෝජකයින් ඇතුළු ජාත්‍යන්තර ආයෝජකයින් මුලාකර ඇති බවටත් යන චෝදනාවලට අදාළවය.

ඒ අනුව දින 21 තුළ නිව්යෝර්ක් හි අධිකරණයක් වෙත වාර්තා කරන ලෙසට අමෙරිකාව ඔවුන්ට නියෝග කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්