ඊශ්‍රායලය ඉරානයට පහරදීමේ පූර්ව සූදානමක සිටින අතර ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ දී ඊශ්‍රායලයේ ආරක්ෂාව වෙනුවෙන් ඇමරිකානු හමුදාව යෙදවීමට පෙන්ටගනය තීරණය කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍යවලින් සනාථ කර තිබේ.
ඉරානයෙන් ඊශ්‍රායලයට එල්ල කළ හැකි ඩ්‍රෝන ප්‍රහාර සහ අධි බලැති මිසයිල ප්‍රහාරවලින් එරට ආරක්ෂා කර ගැනීම සඳහා ඇමරිකානු හමුදාව යොදවන බව නිවේදනය කර ඇත. ඇමරිකාවෙන් නවීතම ටාඩ් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ඊශ්‍රායලයට ලබා දෙන අතර එම ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කිරීමට මෙම සෙබලුන් යොදවන බව මේ වනවිට වාර්තා කර ඇත.
ට්‍රක් රථ මත සවිකර තිබෙන ටාඩ් මිසයිල ආරක්ෂක එක් පද්ධතියක් සෙබලුන් 100ක් පමණ යෙදවිය යුතු බව දැක්වේ. එම මිසයිල ආරක්ෂක පද්ධතියක් පරිවාර මිසයිල 8කින් යුක්ත ය.
2,135










