යුද්ධය නිමා කළ වහාම, මහින්ද රාජපක්ෂ දෙවැනි ජනාධිපති ධුරයට පත්වී එවකට ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානය පිහිටා තිබූ ගෝල්ෆේස් ආසන්නයේ අක්කර 20ක ඉඩම විකුණා දමනු ලැබීය.
ආසන්න වශයෙන් රුපියල් කෝටි 1,000කට එය ශ්‍රැන්ග්‍රිලා හෝටල් සමාගමට විකුණූ අතර එම ගනුදෙනුවේ ප්‍රධාන ම මැදිහත්කරු වී සිටියේ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ ය. නව හමුදා මූලස්ථානය බත්තරමුල්ල අකුරේගොඩ ඉදිකිරීම ආරම්භ කළ අතර මේ වනවිට ඒ සඳහා රුපියල් කෝටි 10,000කට වැඩි වියදමක් දරා ඇති බවට හෙළි වී තිබේ.
මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනිය ඊයේ (11) රාත්‍රී ප්‍රවෘත්ති විකාශනයෙන් විස්තර හෙළිකර තිබිණි. එම වීඩියෝව පහතින්.
11,473










