අවසන් මොහොතේ ප්‍රසන්න මතක හිටින පාඩමක් උගන්වයි !

අවසන් මොහොතේ ප්‍රසන්න මතක හිටින පාඩමක් උගන්වයි !

රනිල් වික්‍රමසිංහ පොහොට්ටු පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති ලෙස තෝරා පත් කර ගත් පසු ඔහුගේ සමීපතමයකු ලෙස ක්‍රියා කළ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා අවසන් මොහොතේ දී අපේක්‍ෂකත්වයෙන් පලා ගිය හැටි හෙළි වී තිබේ.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයෙන් රනිල් පිල නියෝජනය කරමින්, මහා මැතිවරණයට තරග වදින බව පසුගිය 10 වැනි දින සවස් වන තුරු ම සහතික කර තිබී ඇත.

නමුත්, එදින රාත්‍රියේ අවසන් මොහොතේ දී රනිල් වික්‍රමසිංහට දුරකථනයෙන් දැනුම් දී තිබෙන්නේ පවුලේ සාමාජිකයන් සමඟ පවත්වන ලද සාකච්ඡාවක දී මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන ලෙස දැඩි බලපෑම් ඇති වූ බව ය.

කෙසේ හෝ රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති බලය හමුවේ එක් වී සිටි ප්‍රසන්න රණතුංග වැනි බොහෝ පිරිසක් විසින් ජනාධිපතිවරණයෙන් පසුව ඔහු අත්හැර දමනු ලැබී ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්