සමඟි ජන බල සන්ධානයේ ප්රමුඛ පෙළේ ක්රියාකාරිනියක වන හිරුණිකා ප්රේමචන්ද්ර ඉදිරි මහා මැතිවරණයේ දී පරාජය කිරීම සඳහා අවශ්ය ප්රබල පියවර මේ වන විට ගනිමින් සිටින බව වාර්තා වේ.
එහි තීරණාත්මක පියවරක් ලෙස කොළඹ දිස්ත්රික්කයට සමඟි ජන බලවේගයෙන් අප්සාරි තිලකරත්න ඉදිරිපත් කිරීමට සැලැසුම් කර තිබේ. ඇය හෂාන් තිලකරත්නගේ බිරිඳ ය. මෙයට මාස කිහිපයකට පෙර ඕස්ට්රේලියාවේ පදිංචිය සඳහා තිලකරත්න මුළු පවුලම ගිය අතර, මේ වන විට නැවත මෙරටට පැමිණ සිටී.
හිරුණිකා ප්රේමචන්ද්ර සම්බන්ධයෙන් සජිත් ප්රේමදාසගේ බිරිඳ, ජලනි ප්රේමදාස මුල සිට ම දැඩි පසමිතුරු ආකල්පයකින් ක්රියා කරන බව වාර්තා වී තිබිණි.
Views: 0









