රනිල් යටතේ රෝසිට බරපතළ කෙනෙහිලිකම් කරලා !

රනිල් යටතේ රෝසිට බරපතළ කෙනෙහිලිකම් කරලා !

පොහොට්ටු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් පත් කරගෙන සිටි හිටපු අනුප්‍රාප්තික ජනාධිපති, රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික උපදේශක මණ්ඩලයට පත් කරගෙන සිටි රෝසි සේනානායක හට බරපතළ කෙනෙහිලිකම් රැසක් සිදු කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

රෝසි සේනානායක ඊයේ (02දා) මාධ්‍ය හමුවක් පවත්වමින්, ඇය හෙළි කළ කරුණුවලින් මෙම බරපතළ කෙනෙහිලිකම් පිළිබඳව තහවුරු වී ඇත. 2023 මාර්තු මස 09 වැනි දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය රනිල් වික්‍රමසිංහ විසින් කුමන්ත්‍රණකාරීව කඩාකප්පල් කරනු ලැබී ය.

කොළඹ නගරාධිපති අපේක්‍ෂක ලෙස එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත්ව සිටි රෝසි සේනානායක 2023 ජුනි 01 වැනි දින සිට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ පළාත් පාලන ආයතන සම්බන්ධ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස පත් කරනු ලැබී ය. මෙම තනතුර වෙනුවෙන් ඇයට මුලින්ම ජීප් රථයක් ලබා දුන් බව ද, එය මහමඟ කැඩී යාම නිසා ආපසු භාර දුන් බවත්, නැවත නිසාන් වර්ගයේ ජීප් රථයක් ලබා දුන් බවත් ප්‍රකාශ කර තිබිණි.

මේ ආකාරයට රෝසි සේනානායක වෙත ලබා දී තිබූ වාහන අටක් ධාවනය කිරීමට පවා සුදුසු තත්ත්වයේ නොතිබුණු බව ඇය විසින් හෙළි කර තිබේ. මේ වන විට ආන්දෝලනයකට හේතු වී තිබෙන Porsche වර්ගයේ මෝටර් රථය 2024 පෙබරවාරි මාසයේ මහමඟ කැඩීවැටුණු බවත්, එම නිසා අදාළ නිල කටයුත්ත වෙනුවෙන් ත්‍රීවීල් රථයක ගිය බවත් ඇය සඳහන් කර ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්