විදේශ ණය – චීනයෙන් පුරෝගාමී පියවරක් !

විදේශ ණය – චීනයෙන් පුරෝගාමී පියවරක් !

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පසුගිය රනිල් වික්‍රමසිංහ සහ පොහොට්ටු හවුල් ආණ්ඩුව ගෙන ගිය අසත්‍ය ප්‍රචාර සියල්ල අවසන් කර සාධනීය පියවරක් චීනය තැබීමට සූදානමින් සිටී.

අද (2දා) පෙරවරුවේ ජනාධිපති, අනුර කුමාර දිසානායක හමු වූ මෙරට චීන තානාපති, කී.සෙන්හොංන්ග් මේ බව ප්‍රකාශ කර තිබේ. ශ්‍රී ලංකාවට චීන සංවර්ධන බැංකුව සහ එරට ‘එක්සිම්’ බැංකුවෙන් ලබා දී තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කරමින්, ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීමට පූර්ණ සහයෝගය ලබා දෙන බව එම තානාපතිවරයා මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාවේ දී ප්‍රකාශ කර ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිල නිවේදනයේ දැක්වෙන්නේ චීනයෙන් ලබා දී ඇති වාණිජ සහ ද්විපාර්ශ්වික යන ණය වර්ග දෙක ම ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ශ්‍රී ලංකාවට සම්පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්