ඌවට අගමැති බොරුව

ඌවට අගමැති බොරුව

පසුගිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය ඌව පලාතෙන් අගමැතිවරයෙකුපත් කර ගන්නා බවට විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රබල ප්‍රචාරයක් ගෙන ගොස් ඇති බව හෙළි වී තිබේ.

සමගි ජන බල සන්ධානයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර අගමැති ලෙස පත් කර ගන්නා බවට එලෙසින් ප්‍රචාරය කර ඇත. ඊට අමතරව, භික්ෂූන් වහන්සේ කිහිප නමක් යොදා ගනිමින් ආගම්වාදී ප්‍රචාරය ද ප්‍රබලව ගෙන යාමෙන් ඡන්දදායකයන් කෙරෙහි විශාල බලපෑමක් කර ඇති බව හෙළි වී තිබේ.

ජනාධිපතිවරණ සමයේ ගෙන ගිය එම වෛරී ප්‍රකාශවලින් පසුව ජනතාව මේ වනවිට සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයෙන් ඉවත්ව යමින් සිටින බව සමාජ මාධ්‍ය අවකාශයේ පළ කරන මතවලින් තහවුරු වී ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්