ඉරානය යුද්ධයට මැදිහත් වෙයි – ලෝක යුද්ධයක් අත ළඟද?

ඉරානය යුද්ධයට මැදිහත් වෙයි – ලෝක යුද්ධයක් අත ළඟද?

ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කිරීමත් සමඟ ඉරානය ඊශ්‍රාලයට එරෙහිව මිසයිල වරුසාවක් එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (01) රාත්‍රියේ බැලැස්ටික් මිසයිල 180ක් පමණ එල්ල කර ඇති අතර ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂන පද්ධතිය ක්‍රියාත්මක වීමෙන් හානිය අවම කර ගෙන තිබේ. එහෙත්, මිසයිල ගණනාවක් ඊශ්‍රායලය තුළට පතිත වී ඇති අතර රාත්‍රි කාලයේ ම ජනතාව හිස් ලූ ලූ අත දිව ගිය බව එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබිණි.

ඉරානය විසින් කිනම් මොහොතක හෝ ඊශ්‍රායලයට මෙලෙස පහර දෙනු ඇති බවට නිරීක්ෂකයින් අවධානයෙන් සිටි අතර තුන්වන ලෝක යුද්ධය පිළිබඳව අනතුර ද මේ සමඟම වඩාත් ඉහළ ගොස් ඇති බව ඇතැම් විචාරකයින් පෙන්වා දී තිබේ.

Facebook
Twitter
LinkedIn