කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම කොළඹ පෞද්ගලික රෝහලකදී අද (28) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට 74 වියේ පසුවූ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට පිවිස ඇති අතර පසුව ශ්‍රී ලංකා පොදු ජන පක්ෂයෙන් දේශපාලන කටයුතුවල නිරතවිය. එමෙන්ම ඔහු අවසන් වරට සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ අතර මෑතකදී එම දේශපාලන ව්‍යාපාරයෙන්ද ඔහු ඉවත්වෙන ලදී.
ඔහු මහින්ද රාජපක්ෂ පාලන සමයේ ඇමතිවරුයෙකු ලෙසද කටයුතු කර ඇත.
Views: 0









