ස්වාධීන අපේක්ෂකයාට ඇපත් නැති බව පිළිඅරගෙන

ස්වාධීන අපේක්ෂකයාට ඇපත් නැති බව පිළිඅරගෙන

පසුගිය මහා මැතිවරණයේ දී ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස
පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහගේ ජීවිතය තිබෙන්නේ පාර්ලිමේන්තුවේ බව ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ, 2022 ජූලි මස 20 වැනි දින අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පොහොට්ටු මන්ත්‍රීවරුන්
134 දෙනකුගේ ඡන්දයෙන් තෝරා පත් කර ගැනීමෙන් පසුව ය. එදින හැන්සාඩ් වාර්තාවේ සඳහන් ප්‍රකාශයෙන් එම කරුණ උපුටාගෙන පහත දැක්වේ.

“මම අවුරුදු 45ක් මේ පාර්ලිමේන්තුවේ කටයුතු කර තිබෙනවා. මගේ ජීවිතය තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවේ. එම
නිසා පාර්ලිමේන්තුවෙන් මට මේ ගෞරවය ලබා දීම ගැනත් මා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා” යනුවෙන් සඳහන් කර ඇත. ඒ අනුව පැහැදිලි වී තිබෙන්නේ පාර්ලිමේන්තු සීමාවේ මිස ඉන් පිටත දී ජනාධිපති ධුරය සඳහා ජනවරමක් ලබා ගැනීමට ඔහු අපොහොසත්ව සිටීම ය.

Facebook
Twitter
LinkedIn