රවීට එරෙහිව රමේෂ් පතිරණගෙන් CIDට පැමිණිල්ලක්

රවීට එරෙහිව රමේෂ් පතිරණගෙන් CIDට පැමිණිල්ලක්

මේ වනවිට රනිල් වික්‍රමසිංහ පිලට එක් වී සිටින සෞඛ්‍ය ඇමති වෛද්‍ය රමේෂ් පතිරණ රවී කරුණානායකට එරෙහිව 2023 ජූනි 14 වෙනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 1,000ක මූල්‍ය අපරාධයක් සම්බන්ධයෙන් පැමිණිලි කර තිබිණි.

එම පැමිණිල්ල පිළිබඳව 2023 ජූනි 15 වෙනි දින ලංකාදීප පුවත්පතේ වාර්තාවක් පළ කර තිබිණි. එහි සිරස්තලය යොදා තිබුණේ “රවී මුදල් ඇමති කාලේ රජයේ මුදල් කෝටි දාහක් පෞද්. ව්‍යාපාරයකට දාලා – අමාත්‍යංශ ලිපිකරුගෙන් ප්‍රකාශයක් ගැනීමට සීඅයිඩීයට නියෝග“ යනුවෙනි.

එම ප්‍රවෘත්තියේ වැඩි දුරටත් “කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට“ එම කෝටි 1,000 වංචාව පිළිබඳව පරීක්ෂා කිරීමට නියෝග කළ බව දක්වා ඇත. 2015 සැප්තැම්බර් 02 සිට 2016 ජූනි 20 දක්වා කොළඹ හිල්ටන් හෝටලයේ නවා තැන් ගැනීමට සලස්වමින් සිංගප්පූරුවේ සමාගමක ගනුදෙනු වෙනුවෙන් මෙම මුදල යොදා තිබුණු බව එම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් ය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්