රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන තරඟකාරී පදනමකින් මෙහෙයවන බව ප්‍රකාශ කර ඇති අතර එම බැංකු පෞද්ගලීකරණය කිරීමට මේ දක්වා දැඩි වෙහෙසකින් ක්‍රියා කරනු ලැබීය.
එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ “රාජ්‍ය අංශය“ යන අනු සිරස්තලය යටතේ “සමස්ත ආර්ථික ක්‍රමය පූර්ණ වශයෙන් නියාමනය කිරීමේ බලය රජය සතු වෙනවා. රජය සතු බැංකු, මූල්‍ය ආයතන සහ ව්‍යවසායන් මගින් මෙහෙයවීම තරඟකාරී පදනමකින් සිදු කරනවා.” යනුවෙන් සඳහන් කර ඇත.
රාජ්‍ය ඒකාධිකාරයක්ව පැවති ඉන්ධන පිරවුම්හල් IOC සමාගමට ලබා දුන්නේ ද පසුව සිනොපෙක් චීන සමාගමට පවරා දුන්නේ ද තරඟකාරීත්වය තුළින් මිල අඩු කරන බව ප්‍රකාශ කරමිනි. රනිල් වික්‍රමසිංහ යටතේ එම විදේශ සමාගම් දෙකට ඉන්ධන පිරවුම්හල් ලබා දෙනු ලැබීය.
රාජ්‍ය බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධයෙන් එලෙස සඳහන් කර ඇති තරඟකාරීත්වයට අමතරව තවත් විශේෂිත කරුණක් 2024 අයවැය ලේඛනයේ සඳහන් කර තිබිණි. 20%ක කොටස් විකිණීම සහ “බාහිර ණය ප්‍රතිව්‍යූහගතකරණය“යටතේ රු. බිලියන 3,000ක් ඇතුලත් වේ“ යනුවෙන් දක්වා ඇත. එමෙන් ම “බැංකු නැවත ප්‍රාග්ධනීකරණය කිරීම සඳහා රු. බිලියන 450ක් සහ බාහිර ණය ප්‍රතිව්‍යූහගත කරනය යටතේ රුපියල් බිලියන 3,000ක් ලෙස රු. බිලියන 3,450ක් ඇතුලත් වේ“ යනුවෙන් ඇමණුම අංක 2හි සදහන් කර තිබේ.
අයවැය ලේඛනයේ එසේ සඳහන් කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ද තරඟකාරීත්වයක් ගැන සඳහන් කර තිබීම දැඩි අවධානයට ලක් වී තිබෙන අතර බැංකු ක්ෂේත්‍රයේ වෘත්තිකයන් පෙන්වා දෙන්නේ බාහිර ණය බිලියන 3,000ක් ප්‍රතිව්‍යූහගත කරනව වෙනුවෙන් මහජන බදු මුදල් යෙදවීමට අයවැයෙන් අවස්ථාව ලබා ගෙන ඇති බවය.










