දුලාංජලීගේ හැට්ට කටු ව්‍යාපාරය රට පුරා – “ජලනි මැඩම්ට ජය වේවා!”

දුලාංජලීගේ හැට්ට කටු ව්‍යාපාරය රට පුරා – “ජලනි මැඩම්ට ජය වේවා!”

සජිත් ප්‍රේමදාසගේ සියළු කටයුතු මේ වනවිට ජලනි ප්‍රේමදාස, දුලාංජලී ප්‍රේමදාස සහ ලක්ෂ්මන් ෆොන්සේකා යන තිදෙනා මෙහෙයවමින් සිටින බව තව දුරටත් තහවුරු වී තිබේ.

ඊයේ (29) ජලනි ප්‍රේමදාස සහ දුලාංජලී ප්‍රේමදාස ප්‍රචාරක කටයුතු වෙනුවෙන් පිටපලාත්වලට යාම ආරම්භ කර ඇති අතර එමගින් එම දෙනොගේ ආධිපත්‍යය තවදුරටත් තහවුරු කර ගැනීමක් වී ඇති බව වාර්තා වේ. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා පත් කර තිබෙන කමිටුවේ කිසිවෙකුත් මෙම දෙදෙනාගේ ක්‍රියාමාර්ග අනුමත කර නොමැති බව හෙළිවී ඇත.

දුලාංජලී ප්‍රේමදාස ගලිගමුව ආසනයේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීමේ ආරාධිත අමුත්තිය ලෙස සහභාගී වී ඇත. එමෙන් ම ජලනි ප්‍රේමදාස අත්තනගල්ල ආසනයේ කාන්තා හමුවකට එක්ව සිටි අතර එහිදී “ජලනි මැඩම්ට ජයවේවා..!“ යනුවෙන් සංවිධාත්මකව හඬ නැගු බව වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්