නිශාන්ත වික්‍රමසිංහ විදෙස්ගතවෙලා

තමා ශ්‍රී ලංකාවේ නොමැති බවත් පිට රටක සිටින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මස්සිනා වන ශ්‍රී ලංකා ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා නීතීඥවරයකු මාර්ගයෙන් බරපතල වංචා හා දූෂණ සොයන ජනාධිපති කොමිසමට දන්වා ඇතැයි වාර්තා වේ.

ලබන 20 වැනිදාට පෙර ශ්‍රී ලංකාවට නොපැමිණෙන හෙයින් ලබණ 30 වැනිදා කටඋත්තරයක් දීමට නොහැකි බවත් ඔහු දන්වා තිබේ.

මේ අතර නිශාන්ත වික්‍රමසිංහ මහතාගේ බිරිඳ ජනාධිපති කොමිසමේ නිලධරයනට පවසා ඇත්තේ තම සැමියා වසර තුනකින් පමණ නිවසට නොපැමිණි බවය.

Facebook
Twitter
LinkedIn