ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් වගඋත්තරකරුවන් 4 දෙනෙකු සිය දිවි නසා ගැනීමේ මානසික රෝගී තත්වයකට පත් වී ඇති බව අධිකරණයට වාර්තා කර තිබේ.
ඊයේ (22) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට එම කෙහෙළිය ඇතුළු චූදිතයන් ඉදිරිපත් කළ අවස්ථාවේ ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඒ බව අධිකරණයට දන්වා තිබිණි. මෙම මානසික ව්‍යාධියට පත් වූ එම පිරිස වෛද්‍ය මණ්ඩලයකට යොමු කරවන ලෙස ද ඉල්ලා තිබිණි.
එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලන ලද අතිරේක මහේස්ත්‍රාත් බෝගහපිටිය විත්තිකරුවන්ගේ නීතිඥයන්ට දන්වා ඇත්තේ අදාළ ඉල්ලීම මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. කෙහෙළිය රඹුක්වැල්ල, සුදත් ජානක, රත්නකුමාර හේරත්, විජිත ගුණසේකර යන අය සිය දිවි නසා ගැනිමේ මානසික රෝගී තත්වයට ගොදුරු වී ඇති බව අධිකරණයේ දී පෙන්වා දී තිබිණි.
1,310









